ක්‍රීඩා පුවත්

‘Commandant’s Cup Sailing Regatta - 2024’ ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි.

ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් සිව්වන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2024’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2024 අගෝස්තු මස 18 වන දින සිට දින හතරක් (04) ත්‍රීකුණාමලය, Sandy Bay මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම අද දින (2024 අගෝස්තු 21) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ, Sandy Bay වෙරළ තීරයේදී සිදු කෙරිණි.

21 Aug 2024

මීගමුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් ශූරතාවලිය 2024 හි අනුශූරතාව නාවික හමුදාව දිනාගනියි

ගම්පහ දිස්ත්‍රික් චෙස් සංගමය, ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සමඟ එක්ව අට (08) වන වරටත් සංවිධානය කරන ලද මීගමුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් ශූරතාවලිය, 2024 අගෝස්තු මස 15 වන දින සිට 19 වන දින දක්වා ගම්පහ ජා ඇල, වෙට් වෝටර් රිසෝට්හිදී පවත්වන ලද අතර, එහි අනුශූරතාවය නාවික හමුදාව දිනාගැනීමට සමත්විය.

21 Aug 2024