නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 09 වන දින සිට සැප්තැම්බර් මස 14 වන දින දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රීඩා පිටියේදී පැවති අතර, තරඟාවලියෙහි පිරිමි ශූරතාවය දියත් විධානය විසින් ද, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් ද හිමිකර ගැනීමට සමත්විය.