ක්රීඩා පුවත්
‘Eagles Cup Handball Challenge Trophy 2024’ තරඟාවලියේ පිරිමි අනුශූරතාව නාවික හමුදාව දිනා ගනියි
ශ්රී ලංකා ගුවන් හමුදාව මඟින් තෙවන වරට සංවිධානය කරන ලද ‘Eagles Cup Handball Challenge Trophy 2024’, හෑන්ඩ් බෝල් තරඟාවලිය, 2024 නොවැම්බර් මස 17 වන දින සිට 20 වන දින දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවති අතර, එහිදී නාවික හමුදා පිරිමි කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
23 Nov 2024
13 වන ආරක්ෂක සේවා මල්ලවපොර තරඟාවලියේ පිරිමි ශූරතාවය සහ කාන්තා අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි
ශ්රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සංවිධායක දායකත්වයෙන් 2024 නොවැම්බර් මස 20 සිට 22 දක්වා වැලිසර, කොමාණ්ඩර් පරාක්රම සමරවීර ගෘහස්ත ක්රීඩා සංකිර්ණයේදී පැවැත්වූණු 13 වන ආරක්ෂක සේවා මල්ලවපොර තරඟාවලියේ ජයග්රහණ රැසක් දිනා ගනිමින්, එහි පිරිමි අංශයේ ශූරතාවය සහ කාන්තා අනුශූරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත්විය.
23 Nov 2024


