ආචාර්ය නිහාල් ජිනසේන අනුස්මරන රුවල් ඔරු තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්රහණ රැසක්
ආචාර්ය නිහාල් ජිනසේන අනුස්මරන කුසලාන රුවල් ඔරු තරඟාවලිය 2025 පෙබරවාරි මස 01 වන දින වැලිගම, මිරිස්ස කප්පරතොට මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී නාවික හමුදා රුවල් ඔරු කණ්ඩායම ජයග්රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය.
ඒ අනුව, නාවික හමුදා රුවල් ඔරු සංචිතය ඇතුළු දිවයිනේ රුවල් ඔරු ක්රීඩා සංගම් රැසක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 70 ක් සහභාගී වූ මෙම තරඟාවලියේ, ‘GP 14’ තරඟ ඉසව්වේ ප්රථම ස්ථානය නායක නැවි කේසී ද සොයිසා සහ නායක ඉංජිනේරු කාර්මික ටීඩීඑස් පෙරේරා විසින් දිනාගත් අතර, නායක නැවි ඒඑම්ජේපි අත්තනායක හා නායක නැවි ඒඑස්කේ ද සොයිසා දෙවන ස්ථානයත්, නායක නාවික පාබල ජේඑච්එම්පිඅයි ජයපද්ම හා බල නැවි ජේඑස්අයිකේ සේනාරත්න එම ඉසව්වේ තෙවන ස්ථානයත් දිනාගැනීමට සමත් විය.
‘Enterprise’ තරඟ ඉසව්වේදී නායක නැවි කේඑස්කේ ද සිල්වා හා බල නැවි යූජීඩී මදුසංක විසින් ප්රථම ස්ථානයත්, ලුතිනන් පීඑස්එස් ගෝමස් හා නායක නැවි ඒජීපී අසංක විසින් දෙවන ස්ථානයත්, නායක නැවි එල්ඒසී ගුණතිලක හා නායක කාන්තා නැවි එම්ඩීඑම් සුභාෂිණි විසින් එහි තෙවන ස්ථානයත් දිනාගැනීමට සමත් විය.
එමෙන්ම, මෙම තරඟාවලියේ ‘ILCA 6’ තරඟ ඉසව්වේ තෙවන ස්ථානය දිනාගැනීමට ප්රධාන සුළු නිලධාරී පීඩීඩීඑස් රාජපක්ෂ සමත් වු අතර, ‘ILCA 7’ තරඟ ඉසව්වේදී නායක නාවික පාබල ජීපීපී කරුණාරත්න විසින් ප්රථම ස්ථානයද, සුළු නිලධාරී යූඩී රාජපක්ෂ දෙවන ස්ථානය හා නායක නැවි එස්පීපීඑන් කුමාර එහි තෙවන ස්ථානයද හිමිකර ගැනීමට සමත්විය.
තවද, ‘Wind Surfing’ තරඟ ඉසව්වේදී පළමු ස්ථානය සුළු නිලධාරි ඩබ්ඒඑස් වීරතුංග විසින් සහ එහි දෙවන ස්ථානය නායක නැවි කේපීපී ගුණවර්ධන විසින් දිනා ගනමින්, මෙලෙස ජයග්රහන රැසක් හිමිකරගැනීමට නාවික හමුදා රුවල් ඔරු කණ්ඩායම සමත්විය.