අන්තර් විධාන ස්කොෂ් ශූරතාවලිය - 2025 ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි
නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2025 සැප්තැම්බර් මස 02 සිට 05 දක්වා ත්‍රීකුණාමලය නාවික තටාකාංගන ස්කොෂ් ක්‍රීඩා පිටියේදී සාර්ථකව පැවති අතර, තරඟාවලියෙහි පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය විසින් සහ කාන්තා ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් දිනා ගැනීමට සමත්විය.
ඒ අනුව, නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලියේදී, පිරිමි නවක අංශයේ ශූරතාවය බටහිර නාවික විධානය නියෝජනය කළ ලුතිනන් කොමාණ්ඩර් ඩබ්ටීටීඩබ් වතුතන්ත්‍රි විසින් හා එහි අනුශූරතාවය පුහුණු විධානය නියෝජනය කළ ලුතිනන් කොමාණ්ඩර් ද සොයිසා විසින් දිනාගැනීමට සමත් වූ අතර, කාන්තා නවක අංශයේ ශූරතාවය පුහුණු විධානය නියෝජනය කළ සාමාන්‍ය කාන්තා නැවි කේජිකේවී රණවීර විසින් හා එහි අනුශූරතාවය බටහිර නාවික විධානය නියෝජනය කළ සාමාන්‍ය කාන්තා නැවි එච්පීඒ පියුමාලි විසින් දිනා ගැනීමට සමත්විය.
පිරිමි වයස අවුරුදු 35 ට වැඩි අංශයේ ශූරතාවය බටහිර නාවික විධානය නියෝජනය කළ සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) එච්එම්ඒ ප්‍රියන්ත විසින් දිනාගත් අතර, එහි අනුශූරතාවය එම විධානයේ නායක ශාරීරික අභ්‍යාසක ඩබ්එම්ඒඩී දිසානායක විසින් දිනාගන්නා ලදි. පිරිමි වයස අවුරුදු 40 ට වැඩි අංශයේ ශූරතාවය බටහිර නාවික විධානය නියෝජනය කළ ප්‍රධාන සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) ඩබ්ජීඩී ප්‍රියදර්ශන විසින් දිනාගත් අතර, එහි අනුශූරතාවය උතුරු මැද නාවික විධානය නියෝජනය කළ කොමාණ්ඩර් පීආර්පීඩී දයාරත්න විසින් දිනාගන්නා ලදි.
මෙම තරඟාවලියේ පිරිමි විවෘත අංශයේ ශූරතාවය බටහිර නාවික විධානය නියෝජනය කළ සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) එච්එම්ඒ ප්‍රියන්ත විසින් දිනාගත් අතර, එම විධානය නියෝජනය කළ නායක ශාරීරික අභ්‍යාසක ඩබ්එම්ඒඩී දිසානායක විසින් එහි අනුශූරතාවය දිනාගන්නා ලදි. කාන්තා විවෘත අංශයේ ශූරතාවය උතුරු මැද නාවික විධානය නියෝජනය කළ බල කාන්තා නැවි එච්එම්එස්ඕබී හේරත් විසින් දිනාගන්නා ලද අතර, බටහිර නාවික විධානය නියෝජනය කළ බල කාන්තා ශාරීරික අභ්‍යාසක එච්ජීඑන්වී රාජපක්‍ෂ විසින් එහි අනුශූරතාවය දිනාගන්නා ලදි.
එමෙන්ම, විවෘත පළිහ 01 අංශයේ ශූරතාවය දියත් විධානය නියෝජනය කළ ලුතිනන් කොමාණ්ඩර් එම්එම්ජේ වීරකෝන් විසින් දිනාගත් අතර, පුහුණු විධානය නියෝජනය කළ සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) ආර්එම්එස්එන් රාජගුරු විසින් එහි අනුශූරතාවය දිනාගන්නා ලදි. විවෘත පළිහ 02 අංශයේ ශූරතාවය බටහිර නාවික විධානය නියෝජනය කළ ලුතිනන් කොමාණ්ඩර් පීකේ කුමාරගේ විසින් දිනාගත් අතර, උතුරු මැද නාවික විධානය නියෝජනය කළ කොමාණ්ඩර් පීආර්පීඩී දයාරත්න විසින් එහි අනුශූරතාවය දිනා ගැනීමට සමත්විය.
තවද, නැගී එන ක්‍රීඩකයා වශයෙන් බටහිර නාවික විධානය නියෝජනය කළ බල නැවි ඩිඑම්එච් ජීවංග සම්මාන හිමි කරගත් අතර, තරඟාවලියේ සමස්ත පිරිමි අනුශූරතාවය දියත් විධානය විසින් සහ කාන්තා අනුශූරතාවය බටහිර නාවික විධානය විසින් හිමි කර ගැනීමට සමත්විය.
2025 සැප්තැම්බර් මස 05 දින පැවති මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, එම අවස්ථාවට නාවික දියත් විධානයට අණදෙන ධජ නිලධාරී, රියර් අද්මිරාල් රොහාන් ජෝසප් ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගීවී සිටියහ.


