ක්‍රීඩා පුවත්
අන්තර් විධාන ස්කොෂ් ශූරතාවලිය - 2025 ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි
නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2025 සැප්තැම්බර් මස 02 සිට 05 දක්වා ත්‍රීකුණාමලය නාවික තටාකාංගන ස්කොෂ් ක්‍රීඩා පිටියේදී සාර්ථකව පැවති අතර, තරඟාවලියෙහි පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය විසින් සහ කාන්තා ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් දිනා ගැනීමට සමත්විය.
08 Sep 2025
‘ගජබා සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි
SRI LANKA AUTO SPOTS DRIVERS ASSOCIATION ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ‘ගජබා සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලිය, 2025 අගෝස්තු මස 31 වැනි දින සාලියපුර, ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තු ධාවන පථයේදී සාර්ථකව පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට නාවික හමුදාව සමත් විය.
08 Sep 2025


