13 වන ආරක්ෂක සේවා යතුරුපැදි ධාවන තරඟාවලියේදී නාවික හමුදාවට ලෝකඩ පදක්කමක්
13 වන වරටත් පැවැත්වූ ආරක්ෂක සේවා යතුරුපැදි ධාවන තරඟාවලිය, 2025 සැප්තැම්බර් මස 11 වැනි දින සාලියපුර යුද හමුදා ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ Racing 125 CC තරඟයේ තෙවන ස්ථානය දිනාගැනීමට නාවික හමුදාව සමත්විය.
මෙම තරඟාවලිය සඳහා ත්රිවිද හමුදා යතුරුපැදි සංචිත නියෝජනය කරමින් ක්රීඩකයින් රැසක් සහභාගී වී සිටි අතර, යතුරු පැදි ඉසව් පහක් (05) යටතේ පැවති තරඟාවලියේ Racing 250 CC, Racing 125 CC, Standard 250 CC, Standard 125 CC සහ Super Mortard Race - 01 අංශ සඳහා නාවික හමුදා අති ධාවනකාරි යතුරුපැදි සංචිතයේ ක්රීඩකයින් අට දෙනෙකු (08) සහභාගී වූහ. එහිදී, Racing 125 CC තරඟය යටතේ තරඟ වැදුණු නායක නැවි ජීඒ නිශාන්ත විසින් එම කාණ්ඩයේ තෙවන (03) ස්ථානය නාවික හමුදාවට දිනාදීමට සමත්විය.