දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය ඉන්දියා - 2025 හිදි නාවික හමුදා මලල ක්‍රීඩිකාවන් මව් බිමට පදක්කම් දිනා දීමට දායක වෙයි
දකුණු ආසියාතික කලාපීය රාජ්‍යයන්ගේ සහභාගීත්වයෙන් 2025 ඔක්තෝබර් මස 24 සිට 26 දක්වා ඉන්දියාවේ රංචි නගරයේ පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය ඉන්දියා 2025 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ නාවික හමුදා ක්‍රීඩිකාවන් මව් බිමට රිදී සහ ලෝකඩ පදක්කම් දිනා දීමට දායක විය.
ඒ අනුව, සාමාන්‍ය කාන්තා නැවි බීඑස්එල් මෙන්ඩිස්, කාන්තා මීටර් 400 ඉසව්ව තප්. 54.18 කාලයක් වාර්ථා කරමින් තුන්වන ස්ථානයද, මීටර් 4x400 කාන්තා සහය දිවීමේ තරගය නියෝජනය කරමින් දෙවන ස්ථානයද, මීටර් 4x400 මිශ්‍ර සහය දිවීමේ තරගය නියෝජනය කරමින් දෙවන ස්ථානයද ලබා ගැනීමට සමත් වූ අතර, සාමාන්‍ය කාන්තා නැවි ඕටී චන්ද්‍රෙස්කර යගුලිය විසි කිරීමේ ඉසව්ව නියෝජනය කරමින් මීටර් 13.03 ක දක්ෂතාවයක් පෙන්නුම්කර එහි තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත්විය.


