ක්‍රීඩා පුවත්

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2025 සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2025, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2025 අගෝස්තු මස 12 සිට 15 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි සමස්ථ ශූරතාවය උතුරු මැද නාවික විධානය සහ කාන්තා සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

22 Aug 2025

කොරියානු ජනරජයේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතාවන්ගෙන් ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක මවුබිම රනින් සරසයි

කොරියානු ජනරජයේ සියොංනාම් නුවර (Seongnam) සහ ගයර්යොන්ග් නුවර (Gyeryong) පැවති විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ, නාවික හමුදාවේ ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක විසින්, මවුබිම වෙත රන් පදක්කම් දෙකක් (02) දිනා දීම‍ට 2025 ජුලි මස 20 වැනි දින සහ අගෝස්තු මස 10 දින සමත් විය.

18 Aug 2025

නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2025, මෙවර බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු රග්බි පිටියේ දී 2025 ජුලි මස 23 සිට 25 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය පුහුණු විධානයත් දිනාගැනීමට සමත් විය.

28 Jul 2025

‘‍වලව සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

සදර්න් මෝටර් ක්‍රීඩා සමාජය (SOUTHERN MOTOR SPORTS CLUB) විසින් සංවිධානය කරන ලද ‘‍වලව සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලිය, 2025 ජුලි මස 13 වන දින උඩවලව, ක්‍රාෆ්ට්ස්මන් ඔටෝඩ්‍රෝම් ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට නාවික හමුදාව සමත් විය.

21 Jul 2025

‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2025’ හි ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගනියි

2025 ජුලි මස 04 වන දින සිට 11 වැනි දින දක්වා වැලිසර නාවික පරිශ්‍රයේ පාපන්දු ක්‍රීඩා පිටියේදී පැවති ‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2025’ හි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

15 Jul 2025

“PCC & Handgun Nationals 2025” ජාතික වෙඩි තැබීමේ තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය (International Practical Shooting Confederation - IPSC) විසින් සංවිධානය කරන ලද Pistol Caliber Carbine (PCC) සහ Handgun Level III ජාතික වෙඩිතැබීමේ තරඟාවලිය, 2025 ජුනි මස 18 වැනි දින සිට 22 වැනි දින දක්වා, වැලිසර නාවික හමුදා පිස්තෝල වෙඩි පිටියේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි ත්‍යාග ප්‍රධානෝත්සවය ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන්, 2025 ජුනි මස 22 වැනි දින Wave n’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්විණි.

07 Jul 2025

‘MAHAMERUWA RALLY CROSS – 2025’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් නාවික හමුදාව දිනාගනීයි

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘‍MAHAMERUWA RALLY CROSS – 2025’ ධාවන තරඟාවලිය, 2025 ජූනි මස 29 වැනි දින ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ Standard 250CC තරඟයේ තෙවන ස්ථානය දිනාගැනීමට නාවික හමුදාව සමත්විය.

04 Jul 2025

අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය - 2025 නාවික තටාකංගනයේදි සාර්ථකව නිමාවට පත්වෙයි

‘අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය -2025’, 2025 ජුනි මස 27 වැනි දින සිට 30 වැනි දින දක්වා නාවික තටාකංගනය මුෂ්ඨි ප්‍රහාරක ක්‍රීඩාගාරයේදී පැවත්වුණු අතර, එහිදී පිරිමි ශූරතාවය වයඹ නාවික විධානයත්, කාත්නා ශුරතාවය පුහුණු විධානයත් දිනා ගැනීමට සමත් විය.

03 Jul 2025

අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි

අන්තර් විධාන කඹ ඇඳීමේ තරඟාවලිය, 2025 ජුනි මස 14 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී සාර්ථකව පැවැත්වුනු අතර, බටහිර නාවික විධානය විසින් එහි පිරිමි ශූරතාවයත්, උතුරු මැද නාවික විධානය විසින් එහි කාන්තා ශූරතාවයත් දිනා ගැනීමට සමත් විය.

17 Jun 2025

26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී නාවික හමුදා ක්‍රීඩිකා ලක්‍ෂිමා මෙන්ඩිස් ඇතුළු 4x400 සහය දිවීමේ කණ්ඩායම් මව් බිමට ලෝකඩ පදක්කම් දිනා දෙයි

26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය, 2025 මැයි මස 27 සිට 31 දක්වා, කොරියානු ජනරජයේ ගුමි නගරයේදී (Gumi, Republic of Korea) සාර්ථකව පැවැත්විණි. එම ශූරතාවලියේ මිටර් 4x400 සහය දිවීමේ කාන්තා ධාවන ඉසව්ව සඳහා සහ මිටර් 4x400 සහය දිවීමේ මිශ්‍ර ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ක්‍රීඩිකා, සාමාන්‍ය කාන්තා නැවි ලක්‍ෂිමා මෙන්ඩිස් ඇතුළු කණ්ඩායම්, එම ඉසව්වන්ගේ තෙවන ස්ථානය දිනා ගනිමින් මව්බිමට ලොකඩ පදක්කම් දීනා දීම‍ට සමත්විය.

12 Jun 2025