ක්‍රීඩා පුවත්

08 වන කැරම් ලෝක ශුරතාවලියේදී නාවික හමුදා තරඟකරුවන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනියි

ජාත්‍යන්තර කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද 08 වන කැරම් ලෝක ශුරතාවලිය-2022 (08th Carrom World Championship -2022) මැලේසියාවේ ලංග්කාවි හිදී 2022 ඔක්තෝබර් මස 03 සිට 07 දක්වා පැවැත්වුණු අතර, එම ශුරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදාවේ බලනැවි නිශාන්ත ප්‍රනාන්දු සහ බල කාන්තා නැවි ජෝශප් රෝෂිටා විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කරමින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

11 Oct 2022

2022 අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ ‘පලඟ’ ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලිය - 2022, කොළඹ තුරඟ තරඟ පිටියේදී 2022 ඔක්තෝබර් මස 08 සහ 09 යන දිනයන්හීදී පැවැත්වුනු අතර, එහිදී යුද්ධ හමුදා රග්බි කණ්ඩායම ලකුණු 26 - 10 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ ‘පළඟ’ ශූරතාවය දිනාගැනීමට සමත් විය.

11 Oct 2022

‘Intermediate Boxing Championship – 2022’ හි ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනා ගනියි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ‘Intermediate Boxing Championship – 2022’, කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී 2022 ඔක්තෝබර් මස 05 සිට 08 දක්වා පැවැත්වුනු අතර, එහිදි රන් පදක්කම් 02 ක්, රීදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.

11 Oct 2022

අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය - 2022 ත්‍රීකුණාමලයේදී සාර්ථකව අවසන් වේ

නාවික හමුදා අන්තර් විධාන රුවල් යාත්‍රා තරඟාවලිය -2022, ත්‍රීකුණාමලය ඇතුල් වරාය මුහුදු තීරයේදී 2022 ඔක්තෝබර් 04 සිට 07 දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහි පිරිමි අංශයේ ශූරතාවය දියත් විධානයත්, කාන්තා අංශයේ ශූරතාවය පුහුණු විධානයත් දිනා ගන්නා ලදී.

09 Oct 2022

‘Monsoon Cup - 2022’ ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදා ක්‍රීඩකයින් සම්මාන හිමිකරගනියි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද 'Monsoon Cup - 2022' ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලය, චීන වරාය ගොල්ෆ් ක්‍රිඩා පිටියේ දී 2022 ඔක්තෝබර් මස 01 වන දින සාර්ථකව අවසන් වූ අතර, එම ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කරමින් සම්මාන හිමි කරගැනීමට සමත් විය.

03 Oct 2022

නේපාලයේ පැවති 2022 මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරඟාවලියෙන් නාවික හමුදා ක්‍රීඩිකා නිසංසලා සඳමාලි රිදී පදක්කමක් දිනා ගනී

නේපාලයේ පුකාරා (Pokhara) නුවර පැවැත්වූ තුන්වන මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරඟාවලිය 2022 (03rd Mt. Everest International open Taekwondo Championship – 2022) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ක්‍රීඩිකා නිසංසලා සඳමාලි රිදී පදක්කමක් මව්බිමට ගෙනදීමට සමත් විය.

28 Sep 2022

‍2022 වසරේ නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් ශූරතාවය දකුණු නාවික විධානය දිනාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2022 සැප්තැම්බර් මස 14 වන දින සිට සැප්තැම්බර් මස 17 දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රිඩා පිටියේදී පැවති අතර, එම තරඟාවලියෙහි ශූරතාවය දකුණු නාවික විධානය විසින්ද, එහි සම අනුශූරතාවය දියත් විධානය සහ උතුරු මැද නාවික විධානය විසින්ද, දිනාගැනීමට සමත් විය.

20 Sep 2022

බටහිර සහ උතුරු මැද නාවික විධානයන් ‍2022 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලියේ සම ශූරතාවය දිනාගනීයි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ටෙනිස් තරඟාවලිය, 2022 සැප්තැම්බර් මස 05 වන දින සිට සැප්තැම්බර් 10 දක්වා නැගෙනහිර නාවික විධාන ටෙනිස් ක්‍රිඩා පිටියේදී පැවති අතර, එම තරඟාවලියෙහි සම ශූරතාවය බටහිර සහ උතුරු මැද නාවික විධානයන් විසින්ද, එහි අනුශූරතාවය දකුණු නාවික විධානය විසින්ද දිනාගැනීමට සමත් විය.

14 Sep 2022

EXTREME SHOT GUN CHALLENGE / IPSC SHOT GUN NATIONALS - 2022 තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ජාතික රයිෆල් සංගමය සහ ස්කෝපියන් ක්‍රීඩා සමාජය එක්ව තෙවන වරටත් සංවිධානය කරන ලද Extreme shot Gun Challenge සහ IPSC Shot Gun Nationals තරඟාවලිය - 2022 අ‌ගෝස්තු මස 26 වන දින සිට 28 වන දින දක්වා පානළුව යුද්ධ හමුදා වෙඩිපිටියේදී පැවැත්වු අතර, ශ්‍රි ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් එම තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහිදී, ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය.

30 Aug 2022

ආරාධිත 20-20 කාන්තා ක්‍රිකට් ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2022 අගෝස්තු මස 15 දින සමත් විය.

16 Aug 2022