ක්‍රීඩා පුවත්
‘මෝටර්ක්‍රොස් ජාතික ශූරතා තරඟාවලිය - 2024’ යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනය මඟින් සංවිධානය කරන ලද ‘මෝටර්ක්‍රොස් ජාතික ශූරතා තරඟාවලිය - 2024’ ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී 2024 දෙසැම්බර් මස 15 වැනි දින පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදා අති ධාවනකාරී යතුරු පැදි සංචිතයේ ක්‍රීඩකයින් සමත් විය.
17 Dec 2024
Commander’s Cup Challenge Trophy - 2024 පාපන්දු තරඟාවලියේ කාන්තා ශූරතාවය හා පිරිමි අනුශූරතාව නාවික හමුදාව දිනා ගනියි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් සංවිධානය කරන ලද Commander’s Cup Challenge Trophy Football Tournament - 2024 තරඟාවලිය 2024 දෙසැම්බර් මස 02 වැනි දින සිට 10 වැනි දින දක්වා කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවති අතර, එහිදී නාවික හමුදා කාන්තා හා පිරිමි කණ්ඩායම් එහි ශූරතාවය සහ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
12 Dec 2024
“වේව්ස් ඇන්ඩ් වින්ග්ස්” වෙරළ හෑන්ඩ්බෝල් 2024 තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාව ‘බී’ කණ්ඩායම දිනා ගනියි

කොළඹ රොටරැක්ට් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද වේව්ස් ඇන්ඩ් වින්ග්ස් වෙරළ හෑන්ඩ් බෝල් තරඟාවලිය, 2024 දෙසැම්බර් මස 07 සහ 08 යන දෙදින ගල්කිස්ස වෙරළ තීරයේදී පවත්වන ලද අතර, නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම සහ නාවික හමුදා ‘බී’ කණ්ඩායම අතර පැවති අවසන් තරගයෙන් නාවික හමුදා ‘බී’ කණ්ඩායමට එහි ශූරතාවයත් නාවික හමුදා ‘ඒ’ කණ්ඩායමට එහි අනුශූරතාවයත් හිමිවිය.
11 Dec 2024
13 වන ආරක්‍ෂක සේවා මේස පන්දු තරඟාවලියේ පිරිමි අංශයේ කණ්ඩායම් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2024 නොවැම්බර් මස 26, 27 සහ 28 දිනයන්හි පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවති 13 වන ආරක්‍ෂක සේවා මේස පන්දු තරඟාවලියේ දී නාවික හමුදා ක්‍රීඩකයින් තරඟාවලියේ පිරිමි අංශයේ කණ්ඩායම් ශූරතාවය දිනාගැනීමට සමත් විය.
02 Dec 2024
06 වැනි ලෝක කැරම් ශූරතාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට දිනා දීමට නාවික හමුදා කැරම් ක්‍රීඩකයින් දායක වෙයි

06 වැනි ලෝක කැරම් ශූරතාවලිය 2024 නොවැම්බර් මස 10 වන දින සිට 17 වන දින දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි දී පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන නාවික හමුදාවේ නායක නැවි ඩබ්ඩබ්ඩීඑන් ප්‍රනාන්දු සහ නායක කාන්තා නැවි ජේ රොශිටා යන නාවිකයින් ගේ දායකත්වයෙන් තරඟාවලියේ කාන්තා සහ පිරිමි අනුශූරතාව ශ්‍රී ලංකාවට දිනාගැනීමට හැකි විය.
28 Nov 2024
‘Eagles Cup Handball Challenge Trophy 2024’ තරඟාවලියේ පිරිමි අනුශූරතාව නාවික හමුදාව දිනා ගනියි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තෙවන වරට සංවිධානය කරන ලද ‘Eagles Cup Handball Challenge Trophy 2024’, හෑන්ඩ් බෝල් තරඟාවලිය, 2024 නොවැම්බර් මස 17 වන දින සිට 20 වන දින දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහිදී නාවික හමුදා පිරිමි කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
23 Nov 2024
13 වන ආරක්‍ෂක සේවා මල්ලවපොර තරඟාවලියේ පිරිමි ශූරතාවය සහ කාන්තා අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සංවිධායක දායකත්වයෙන් 2024 නොවැම්බර් මස 20 සිට 22 දක්වා වැලිසර, කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ත ක්‍රීඩා සංකිර්ණයේදී පැවැත්වූණු 13 වන ආරක්‍ෂක සේවා මල්ලවපොර තරඟාවලියේ ජයග්‍රහණ රැසක් දිනා ගනිමින්, එහි පිරිමි අංශයේ ශූරතාවය සහ කාන්තා අනුශූරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත්විය.
23 Nov 2024
වෙළඳ සහ රාජ්‍ය සේවා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ වේගි චෙස් කණ්ඩායම් (Rapid team) තරාඟාවලියේ ශූරතාව නාවික හමුදාව දිනාගනි

06 වන වෙළඳ සේවා සහ රජ්‍ය සේවා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ වේගි කණ්ඩායම් චෙස් ශූරතාවලිය කොළඹ ක්‍රීඩා අමාත්‍යශ ශ්‍රවනාගාරයේදී 2024 නොවැම්බර් මස 09 සහ 10 යන දෙදින පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, එහිදී නාවික හමුදාව විසින් ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමන් විය.
12 Nov 2024
අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සාර්ථකව අවසන් වෙයි

අන්තර් විධාන පිහිනුම් හා දිය පන්දු තරඟාවලිය 2024 නොවැම්බර් මස 05 වන දින සිට 08 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේදී පැවති අතර, පිහිනුම් පිරිමි ශූරතාවය දියත් විධානයත්, පිහිනුම් කාන්තා ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, දිය පන්දු පිරිමි සහ කාන්තා ශූරතාවයන් නැගෙනහිර නාවික විධානය විසින් හිමි කර ගැනීමට සමත්විය.
09 Nov 2024
නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2024, වැලිසර ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී 2024 ඔක්තොබර් මස 24 වන දින සිට 30 වන දින දක්වා පැවති අතර, එහිදී තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානයත් හිමිකර ගැනීමට සමත් විය.
01 Nov 2024