Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

இலங்கையிலுள்ள பிரித்தானிய உயர்ஸ்தானிகராலயத்தின் பாதுகாப்பு ஆலோசகர் உத்தியோகபூர்வ சந்திப்பிற்காக கடற்படை தளபதியை சந்தித்தார்

08 Sep 2026

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් Keith Miles අද දින (2026 සැප්තැම්බර් 08) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය.

මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපති වශයෙන් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ භාරගැනීම වෙනුවෙන්, නාවික හමුදාධිපති වෙත ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Keith Miles විසින් සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, සමුද්‍රිය ආරක්‍ෂක සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ කර්නල් Keith Miles අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

Accessibility Tools