සියළු පුවත්

72 නිදහස් දින සැමරුමට සමගාමිව නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි.

72 නිදහස් දින උළෙලට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රුක්රෝපණ වැඩසටහන් මාලාවක් 2020 පෙබරවාරි මස 04 වන දින ක්‍රියාත්මක කරන ලදී....

2020-02-06

බලපත්‍ර රහිතව හක් බෙල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 06 ) උඩප්පුව හා දළුව මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී හක් බෙල්ලන් හතරක් (04) සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා ‍භාරයට ගන්නා ලදි. ...

2020-02-06

වැලිසර ඉදිකරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය නාවික හමුදාධිපතිතුමා අතින් විවෘත කෙරේ

වැලිසර පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික විවාහක නිවාස සංකිර්ණය අද (2020 පෙබරවාරි 06) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අතින් විවෘත කරන ලදී. ජ්‍යෙෂ්ඨ නාවිකයින් සඳහා ඉදිකරන ලද මෙම න...

2020-02-06

මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු (01) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය.

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 06) බහුදින ධීවර යාත්‍රාවක අනතුරකට පත්ව සිටි ධීවරයෙකු (01) නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරන ලදි....

2020-02-06

එක්සත් රාජධානියේ දියත් විධාන කිමිදුම් බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් අල් නෙක්ක්‍රවුස් (Al Nekrews) සහ නාවික හමුදාධිපතිතුමන් අතර හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන එක්සත් රාජධානියේ දියත් විධාන කිමිදුම් බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් අල් නෙක්ක්‍රවුස් (Al Nekrews) නාවික හමුදා මූලස්ථානයේදී අද (2020 පෙබරවාරි 06) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය....

2020-02-06

සැක සහිත ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 06) ගාල්ල ගින්තොට ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී අතහැර දැමූ නිවසක් අසල සගවා තිබූ සැක සහිත ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් සොයා ගැනීමට හැකිවිය. ...

2020-02-06

ටොන් එකකට අධික කේරළ ගංජා ප්‍රමාණයක් දින 37ක් තුල නාවික හමුදා භාරයට

මෙම වර්ෂයේ ජනවාරි මස 01 වන දින සිට 2020 පෙබරවාරි 06 වන දින දක්වා කාල වකවානුවේදී පමණක් දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා ටොන් එකකට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත....

2020-02-06

කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 110 කට ආසන්න ප්‍රමාණයක් සමග සැක කරුවකු නාවික හමුදා භාරයට.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සුරාබදු ඒකකය එක්ව අද (2020 පෙබරවාරි 06) දින යාපනය, තොන්ඩමන්ආරු වෙරළ තීරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 110 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවකු නාවික හමුදා භාරයට ගෙන ඇත....

2020-02-06

තූල් හෙවත් දුම් කුඩු නැමති නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක් වැටලීමට නාවික හමුදා සහාය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මීගමුව පොලීසියෙන් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල සඟවා තිබූ තූල් හෙවත් දුම් කුඩු නැමැති නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අත් අත්අඩංගුවට ගන්නා ලදි....

2020-02-06

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද (2020 පෙබරවාරි 06) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...

2020-02-06

බලපත්‍ර රහිතව වැලි ගොඩ දැමූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 05 වන දින ගිං ග‍ඟේ බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගෙන ඇත....

2020-02-06

ගාලු මුවදොර වෙරළ තීරයේ නාවික හමුදාව විසින් සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් පැටවුන් පිටතට පැමිණේ.

නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී සොයා ගෙන සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් 2020 ජනවාරි 05 වන දින පැටවුන් පිටතට පැමිණීම සිදු විය....

2020-02-06

කේරළ ගංජා කිලෝ 4කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා බාරයට.

නාවික හමුදාව අද (2020 පෙබරවාරි 05) යාපනය, කුසුමන්තුරෙයි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 4 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්විය. ...

2020-02-06

නීති විරෝධී ලෙස ලඟ තබා ගත් මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 පෙබරවාරි 05) මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී ජීවී මුහුදු කූඩැල්ලන් තුන්සිය පනහක් (350) සමඟ පුද්ගලන් දෙදෙනෙක් (02) ක් නාවික හමුදා බාරයට ගන්නා ලදි. ...

2020-02-05

යාපනය මුහුදේ සිදු කල මෙහෙයුමකින් කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගනී.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 පෙබරවාරි 04 වන දින දින යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත....

2020-02-05