සියළු පුවත්
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 17 දින) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. ...
2024-11-17
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් 1263 ක් සහ බීඩි කිලෝග්‍රෑම් 118 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2024 නොවැම්බර් මස 16 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය හැට තුනක (1263) තොගයක් (තෙත බර සහි...
2024-11-17
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ යුධ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 16 දින) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට ...
2024-11-16
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ වැඩ භාර ගනී

බටහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කරණු ලබන, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් අද (2024 නොවැම්බර් 15 දින) ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදුකෙරිණි....
2024-11-15
මත්පෙති 442,680 ක තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව 2024 නොවැම්බර් මස 14 වන දින කල්පිටිය මුසල්පිටිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සඟවා තිබූ මත්පෙති හාරලක්ෂ හතලිස් දෙදහස් හයසීය අසූවක (442,680) තොගයක් නීතියේ රැහැනට හසුකර ග...
2024-11-15
රුපියල් මිලියන 1650 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840 ක තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සම...
2024-11-15
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතාරන අද (2024 නොවැම්බර් 15) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...
2024-11-15
ගැඹුරු මුහුදේ සිදු කල විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) අද (2024 නොවැම්බර් 14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු ...
2024-11-14
නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල සැකකරුවන් පස් දෙනෙකු (05) මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සහ සිලාවතුර වෙරළ ප්‍රදේශයේදී 2024 නොවැම්බර් මස 13 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩ...
2024-11-14
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 නොවැම්බර් මස 10 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (2024 නොවැම්බර් 13) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය වෙ...
2024-11-13
නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් ගරු Andalib Elias මහතා අද දින (2024 නොවැම්බර් 12) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....
2024-11-12
වෙළඳ සහ රාජ්‍ය සේවා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ වේගි චෙස් කණ්ඩායම් (Rapid team) තරාඟාවලියේ ශූරතාව නාවික හමුදාව දිනාගනි

06 වන වෙළඳ සේවා සහ රජ්‍ය සේවා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ වේගි කණ්ඩායම් චෙස් ශූරතාවලිය කොළඹ ක්‍රීඩා අමාත්‍යශ ශ්‍රවනාගාරයේදී 2024 නොවැම්බර් මස 09 සහ 10 යන දෙදින පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, එහිදී නාවික හමුදාව විසින් ජයග්‍රහණ රැසක් ...
2024-11-12
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2024 නොවැම්බර් 12) යාපනය, චූණ්ඩිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්...
2024-11-12
ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂක ජෙනරාල් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පරමේෂ් සිවමනි (DG Paramesh Sivamani, PTM, TM ) නිල හමුවක් සඳහා අද දින (2024 නොවැම්බර් 11) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2024-11-11
කළම්බු ප්ලෑන් සහ ඩයලොග් ආසියාටා සමාගම සමස්ත ලංකා චිත්‍ර සහ සජීවීකරණ විඩියෝ තරඟාවලියේ තිළිණ සඳහා අනුග්‍රාහකත්වය දක්වයි

“මත්ද්‍රව්‍යයෙන් තොර දීප්තිමත් අනාගතයක් සඳහා ළමුන් සහ තරුණ පරපුර බලගැන්වීම” යන උදාර තේමාව පෙරදැරිව, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ස්ථාපිත කාර්යසාධක බලකායේ මූලිකත්වයෙන් පාසැල් දූ දරුවන් සහ නව යොවුන...
2024-11-11