වැදගත් සිදුවීම්
ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය 2025 පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 12 වැනි වරටත් සංවිධානය කරනු ලබන, ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාව යටතේ, 2025 සැප්තැම්බර් මස 24 සහ 25 යන දෙදින වැලිසර ‘Wave n’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (2025 සැප්තැම්බර් 15) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
15 Sep 2025
හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වීරත්වයේ උරුමකරුවන්ට නාවික හමුදාධිපතිගෙන් උපහාර

නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී රණක්ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ උළෙලක්, 2025 සැප්තැම්බර් මස 13 වැනි දින ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
15 Sep 2025
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 260 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 306ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 260 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැත්තෑ තුන්දෙනෙකු (273) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් තිස්තුන් දෙනෙකු (33) ඇතුළුව, ආධුනික නාවිකයින් තුන්සිය හය දෙනෙකු (306) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2025 සැප්තැම්බර් මස 13 වැනි දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදු කෙරිණි. ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් ලක්ෂ්මන් අමරසිංහ ගේ ආරාධනයෙන්, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් රුවන් කළුබොවිල මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
14 Sep 2025
කොට්ටුකච්චිය වැවේ අක්‍රීය සොරොව් දොරටුව අළුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහය

ආනමඩුව, කොට්ටුකච්චිය වැවේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2025 සැප්තැම්බර් මස 11 වැනි දින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
13 Sep 2025
සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාවේ සහය

සපුගස්කන්ද, තෙල් පිරිපහදු සංකීර්ණයේ අළුත්වැඩියා කරමින් තිබූ තෙල් ටැංකියක 2025 සැප්තැම්බර් මස 10 වැනි දින සන්ධ්‍යා කාලයේ ඇති වූ හදිසි ගින්නක් මැඩ පවත්වා, ගින්න අවට ප්‍රදේශයට පැතිරීම වැළැක්වීමට නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
12 Sep 2025
‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන සඳහා නාවික හමුදා දායකත්වය

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ, ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ යන තේමාව පෙරදැරිව, කලා වැව් පිටියේ ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක ගලවා ඉවත් කර, වන අලින්ගේ ආහාර අවශ්‍යතාවය සඳහා තණකොළ වැවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන්, කලාගම හා බලලුවැව ආශ්‍රිතව 2025 සැප්තැම්බර් මස 05 සිට 07 දින දක්වා සිදුකෙරුණු, කලා වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා, ආරක්ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වය ලබාදීම සිදුකෙරිණි.
11 Sep 2025
ධීවර කටයුතු ආශ්රිත ගැටළු සාකච්ඡා කිරීම සඳහා නාවික හමුදාව සහ යාපනයේ ධිවර ප්‍රජාව පෙරමුණ ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු පළාතේ ධීවර කටයුතු ආශ්රිත ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
11 Sep 2025
Pacific Angel – 2025 අභ්‍යාසය සඳහා නාවික හමුදාව එක්වෙයි

කලාපීය ආරක්ෂක සහයෝගීතාවයේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව; එක්සත් ජනපද පැසිෆික් බලකාය, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව, ජපාන ස්වයං ආරක්ෂක ගුවන් බලකාය, මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය, බංග්ලාදේශ ගුවන් හමුදාව, ඉන්දියානු ගුවන් හමුදාව සමඟ එක්ව සිදුකරනු ලබන Pacific Angel – 2025 අභ්‍යාසයට සමඟාමීව, මාරවිල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති විවෘත මුහුදේ සෙවීම සහ ගලවා ගැනීමේ අභ්‍යාසය (Search and Rescue Open Water Operation) සඳහා 2025 සැප්තැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකා නාවික හමුදාව එක්විය.
11 Sep 2025
නාවික හමුදාවේ නව නිපැයුම් විශිෂ්ඨත්වය තහවුරු කරමින් වේග ප්‍රහාරක යාත්‍රාවක් වෙනුවෙන් නව මෙහෙයුම් පාලන පද්ධතියක්

නාවික හමුදා විදුලි හා විද්‍යුත් සැලසුම් මධ්‍යස්ථානයේ (Electrical and Electronic Design Centre - ENDC) නව නිපැයුම් විශිෂ්ඨත්වය විදහාපාමින් පී 421 වේග ප්‍රහාරක යාත්‍රාව වෙනුවෙන් නිර්මාණය කල නව මෙහෙයුම් පාලන පද්ධතිය (Naval Steering Control-NSC), එම යාත්‍රාව වෙත සවි කිරීමෙන් පසුව මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම 2025 අගෝස්තු මස 25 වැනි දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේදී සිදුකෙරිණි.
09 Sep 2025
අභිනව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පති ලෙස පත්වූ නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (2025 සැප්තැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
09 Sep 2025