වැදගත් සිදුවීම්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා නාවික හමුදා සහය

සෞඛ්‍ය කාර්ය මණ්ඩල වර්ජනය හේතුවෙන් රෝහල් වෙතින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට පැමිණෙන මහජනතාවට සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා, රෝහල් තුළ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් නාවික හමුදා වෛද්‍ය සහයක කණ්ඩායම් ලබා දීමට, 2024 ජනවාරි මස 11 සහ අද දින (2024 ජනවාරි 12) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

12 Jan 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ඒකාබද්ධ භූ ජලතරණ අභ්‍යාසය යාපනය පලෙයිතිව් දූපතේදී සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද, ඒකාබද්ධ භූ ජලතරණ අභ්‍යාසය, යුද නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන් හත්සීයය විසි දෙදෙනෙකු (722) ගේ සහභාගීත්වයෙන් 2024 ජනවාරි මස 09 වන දින සිට දින තුනක් (03) යාපනය, පලෙයිතිව් දූපත ‍කේන්ද්‍ර කර ගනිමින් පැවතුණු අතර, එය 2024 ජනවාරි 11 වන දින සාර්ථකව නිමාවට පත් විය.

12 Jan 2024

ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගත් ප්‍රථම කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් ඇතුළු 66 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට සහ ඉඳුරාම බඳවා ගැනීමට අයත් නව නිලධාරීන් හට පත්වීමේ ලිපි ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට බඳවා ගත් කාන්තා ශිෂ්‍යභට නිලධාරීන් හය දෙනෙකු (06) ඇතුළු 66 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරීන් තිස් තුන් (33) දෙනෙකු වෙත සහ 2023 ඉඳුරාම බඳවා ගැනීමට අයත් නිලධාරීන් විසි හතර (24) දෙනෙකු වෙත පත්වීමේ ලිපි ප්‍රදානය කිරීම අද දින (2024 ජනවාරි 10) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

10 Jan 2024

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඊජිප්තු තානාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඊජිප්තු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ගරු Maged Mosleh මහතා අද දින (2024 ජනවාරි 10) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

10 Jan 2024

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 ජනවාරි මස 08 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ජනවාරි 10) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

10 Jan 2024

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2024 ජනවාරි 08) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

08 Jan 2024

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ‘The Porthole’ සංග්‍රහය නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් වාර්ෂිකව එළි දක්වනු ලබන වෘත්තීය ප්‍රකාශනය වන ‘The Porthole’ සංග්‍රහයෙහි දෙවන සංස්කරණය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වෙත පිළිගැන්වීම, අද දින (2024 ජනවාරි 01) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

01 Jan 2024

ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරයේ රාජකාරීන් නාවික හමුදාව භාර ගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීම 2023 දෙසැම්බර් මස 31 වන දින සහ අද දින (2024 ජනවාරි 01) කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

01 Jan 2024

ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2024 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 ජනවාරි 01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

01 Jan 2024