මෙහෙයුම් පුවත්
තහනම් ධීවර දැල් කිලෝ ග්‍රෑම් 1418ක් සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව මන්නාරම, උප්පුකුලම් ප්‍රදේශයේ 2022 මාර්තු මස 27වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නිවසක නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ තහනම් ධීවර දැල් (Monofilament Nets) කිලෝග්‍රෑම් 1418 ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
28 Mar 2022
මෙරට මුහුදු තීරයේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ මුර සංචාර මඟින්, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු, 2022 මාර්තු මස 23 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 Mar 2022
ආපදාවට පත් විදේශිය රුවල් යාත්‍රාවක් සඳහා නාවික හමුදා සහාය

හම්බන්තොට ප්‍රදේශයට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී ආපදාවට පත් විදේශීය රුවල් යාත්‍රාවක් නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට 2022 මාර්තු මස 22 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී.
23 Mar 2022
වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු ත්‍රිකුණාමලයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව ත්‍රිකුණාමලය, ඉරණකේනී ප්‍රදේශයේ 2022 මාර්තු මස 21 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 20ක් සහ විදුලි නොවන ඩෙටනේටර් 25ක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
22 Mar 2022
තවත් කේරළ ගංජා තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නොරොච්චෝලේ, මාම්පූරි වෙරළ තීරයේ අද උදෑසන (2022 මාර්තු 22) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් අතහැර දමායන ලද කේරළ ගංජා කිලෝ 41 ග්‍රෑම් 540ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
22 Mar 2022
රුපියල් මිලියන 52 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2022 මාර්තු 18) මන්නාරම, ඕළුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
18 Mar 2022
මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදා සහය

හම්බන්තොට සිට නාවික සැතපුම් 24ක් පමණ (කිලෝ මීටර් 44ක් පමණ) දුරින් නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී, පපුවේ වේදනාවක් හේතුවෙන් අසාධ්‍යව වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව 2022 මාර්තු මස 16 වන දින රාත්‍රියේ කටයුතු කරන ලදී.
17 Mar 2022
ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය ( SLINEX) සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික ඉන්දු- ලංකා නාවික අභ්‍යාසය, (SLINEX) 2022 මාර්තු මස 07 වන දින සිට 10 වන දින දක්වා ඉන්දියාවේ විසාකපට්නම් නාවික තටාකාංගනයේ දී සහ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු තීරයේදී පවත්වන ලද අතර, එම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව සහභාගී විය.
11 Mar 2022
මන්නාරම් මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයි මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු, 2022 පෙබරවාරි මස 26 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
27 Feb 2022
උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ටෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු, 2022 පෙබරවාරි මස 23 වන දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
24 Feb 2022