අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2026 හි ශූරතාවය දියත් විධානය දිනාගනියි
නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2026 හි අවසන් මහා තරඟය 2026 ජූලි මස 22 වැනි දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහි ශූරතාවය දියත් විධානය විසින් දිනාගැනීමට සමත් විය.
මෙම තරඟාවලියේ මූලික වටයේ තරඟ කාණ්ඩ දෙකක් යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා සහ නාවික හා සාගරික විද්‍යාපිඨ ක්‍රිකට් ක්‍රීඩාංගණයන් තුලදී පැවැත්වීමෙන් අනතරුව, ඊළඟ වටය සඳහා සුදුසුකම් ලැබු කණ්ඩායම් වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී අර්ධ අවසන් තරඟ සඳහා සහභාගී විය.
අර්ධ අවසන් තරඟයන්ගෙන් ජයග්‍රහනය කල උතුරු මැද නාවික විධානය සහ නාවික දියත් විධානය අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබු අතර, ඒ අනුව නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2026 හි ශූරතාවය මෙලෙස නාවික දියත් විධානය විසින් දිනා ගැනීමට සමත් වු අතර එහි අනු ශූරතාවය උතුරු මැද නාවික විධානය දිනා ගැනීමට සමත් විය.
තරඟාවලියේ සුවිශේෂී දක්‍ෂතා පෙන්නුම් කල නාවික හමුදා පුද්ගලයින් පහත පරිදි පදක්කම්, කුසලාන හා සහතික පත් හිමි කර ගන්නා ලදි;
තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නා - උතුරු නාවික විධානය නියෝජනය කල කොමාණ්ඩර් කේජීසී පත්මාල් (ඉනිම් 05කදී කඩුළු 10ක් ලබාගැනීම)
තරඟාවලියේ දක්‍ෂතම පිතිකරු - දියත් විධානය නියෝජනය කල ලුතිනන් කොමාණ්ඩර් එච්එස් මදුකල්ප (ඉනිම් 05ක් තුල ලකුණු 226ක් ලබාගැනීම)
අවසන් මහා තරඟයේ සහ තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා - දියත් විධානය නියෝජනය කල ලුතිනන් කොමාණ්ඩර් ටීඑස්වී පීරිස් (පන්දු 31ක් තුල ලකුණු 39ක් පන්දු වාර 04ක් තුල ලකුණු 22ක් ලබා දී කඩුළු 02ක් සහ ලබාගැනීම සහ ලකුණු 135ක්, කඩුළු 08ක් සහ උඩපන්දු 03ක් ලබා ගැනීම )
තරඟාවලියේ දක්‍ෂතම ප්‍රවීණ ක්‍රිඩකයා - නැගෙනහිර නාවික විධානය නියෝජනය කල ප්‍රධාන සුළු නිලධරී ජීවීඑම්එම්වයි ප්‍රනාන්දු (ඉනිම් 04 කදී ලකුණු 195ක් සහ ඉනිම් 04 කදී කඩුළු 03ක් ලබා ගැනීම)
දක්‍ෂතම නැගීඑන ක්‍රීඩකයා - බටහිර නාවික විධානය නියෝජනය කල බල නැවි ඩබ්ජීඩිඩි කුමාර (ඉනිම් 03කදී ලකුණු 128ක් සහ ඉනිම් 03කදී කඩුළු 06ක් ලබා ගැනීම
තවද, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ විජයවර්ධන, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් සභාපති කොමදෝරු චමින්ද රණවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.