නාවික හමුදාධිපති අති උතුම් කාදිනල් හිමිපාණන් බැහැදක ආශිර්වාද ලබාගනී
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කොළඹ අගරදගුරු නිල නිවසේදී අද දින (2026 අගෝස්තු 12) බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදී.
මෙම හමුවේදී ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙන්ම, ආගමික සංහිදියාව සම්බන්ධයෙන් නාවික හමුදාවේ දායකත්වය ඇගයීමට ලක්කල අගරදගුරු හිමිපාණන්, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් කොළඹ අගරදගුරු නිල නිවසේ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීමද සිදු කෙරිණි.
1 /
6