Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාවෙන් ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩ සටහනක්

21 Jul 2026

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩ සටහන යටතේ “ආරෝග්‍යා” ජාතික සුවතා වැඩ සටහනට සමගාමීව, ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩ සටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාල පරිශ්‍රයේදී 2026 ජූලි මස 20 වැනි දින සිදු කෙරිණි.

ඒ අනුව, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනතාව තුල මහජන සෞඛ්‍ය දැනුවත්භාවය සහ හදිසි සෞඛ්‍ය ආපදා තත්වයන් කළමණාකරනය කර ගැනීමේ හැකියාව වර්ධනය කිරීම එහිදී සිදුකෙරුණු අතර, ඊට අමතරව පියයුරු පිළිකා පරීක්‍ෂණ සායනයක්ද, නැගෙනහිර නාවික විධාන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සිදු කෙරුණි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩ සටහන ක්‍රියාවට නැංවීමේ, ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රමුඛ පාර්ශ්වකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙවැනි වැඩ සටහන් මඟින්, සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ප්‍රජාවක් ගොඩනැගීමට දායක වීම, අපේක්ෂා කරනු ලබයි.

Accessibility Tools