ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාල, ජාතික ඩෙංගු මර්ධන ඒකකය, පරිසර පොලීසිය එක්ව 2026 ජුලි මස 05 වන දින සිට 12 වන දින දක්වා ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දෙයි.
මෙම ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ "ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" (Towards a Dengue-Free Colombo) යන තේමාවට අනුව කොළඹ දිස්ත්‍රීක්කයේ මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල වනාතමුල්ල, පානදුර, නාරහේන්පිට, මහර, වත්තල, යන ප්‍රදේශ වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහභාගි විය.
තවද, මීට සමඟාමිව නාවික හමුදාවේ අනෙකුත් නාවික විධානයන් මඟින්ද ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර, එහිදි පරිසර පද්ධතිය දැඩි ලෙස පරික්ෂාවට ලක් කර පිරිසිදු කිරිමේ කටයුතු සිදු කරන ලදි.
මිට අමතරව නාවික හමුදා කදවුරු පරිශ්‍රයන් තුල ද ඩෙංගු මර්ධන වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු කරන ලද අතර, මාරාන්තික ඩෙංගු උවදුර මර්ධනය කිරීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් සඳහා නාවික පුද්ගලයින් නිරන්තරයෙන් සිය දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි.
Dengue Prevention Campaign
2026 ජූලි 05 වන දින බොරැල්ල ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ගේ සහාය ලබාදීම
2026 ජූලි 05 වන දින මහර ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ගේ සහාය ලබාදීම
2026 ජූලි 05 වන දින මට්ටක්කුලිය ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ගේ සහාය ලබාදීම
2026 ජූලි 05 වන දින පානදුර ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ගේ සහාය ලබාදීම
2026 ජූලි 05 වන දින වත්තල ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ගේ සහාය ලබාදීම
2026 ජූලි 05 වන දින උතුරු මැද නාවික විධානයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ගේ සහය ලබාදීම
2026 ජූලි 05 වන දින වයඹ නාවික විධානයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ගේ සහය ලබාදීම
2026 ජූලි 05 වන දින උතුරු නාවික විධානයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ගේ සහය ලබාදීම
2026 ජූලි 05 වන දින දකුණු නාවික විධානයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ගේ සහය ලබාදීම