මොරටුව විශ්වවිද්‍යාලයේ ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා නාවික හමුදා සහය
'ක්ලීන් ශ්‍රී ලංකා' ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය හා ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්‍ෂක අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන "ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2026 ජූලි 07) දින මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලදී.
2026 ජූලි මස 05 වන දින සිට 12 වන දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහනට සක්‍රීයව දායක වෙමින්, නාවික හමුදා පුද්ගලයින් පනස් පස් නවදෙනෙකු (59), මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් සහ විශ්වවිද්‍යාල පරිපාලනයේ සහයෝගයද ඇතිව මෙම මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
මෙහිදී, ශිෂ්‍ය නිවාස, පරිපාලන ගොඩනැගිලි, ක්‍රීඩාංගණ ආශ්‍රිත ප්‍රදේශ හා අවට ජලය රැඳී පවතින ස්ථාන ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පරිශ්‍රයම ආවරණය වන පරිදි, ඩෙංගු මදුරුවන් බෝ වීමට හේතු විය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා පිරිසිදු කිරීම, අනවශ්‍ය ජලය රැඳවුම් බඳුන් ඉවත් කිරීම හා කසළ ඉවත් කිරීම ඇතුළු කටයුතු රාශියක් සිදු කරන ලදී.