Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා යාපනයේ ක්ෂේත්‍ර නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙයි

08 Jun 2026

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඉකුත් අඟහරුවාදා (මැයි 26) දින යාපනය අර්ධද්වීපයේ පිහිටි ප්‍රධාන ස්ථාන කිහිපයක විශේෂ ක්ෂේත්‍ර නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමා, යාපනය දිස්ත්‍රික් ලේකම් සහ තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

මෙම සංචාරය ඔස්සේ, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාහට ජාතික ආරක්‍ෂාව සහ මහජන සුබසාධනය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමට හැකි විය. එහිදී ඔහු එම ප්‍රදේශයේ සමස්ත ආරක්‍ෂක ව්‍යුහය ඇගයීමට ලක් කළ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී වාර්තා නොවන සහ නියාමනය නොකළ (IUU) ධීවර කර්මාන්තය ඇතුළු අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළවල් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළේය.

එමෙන්ම, නියෝජ්‍ය අමාත්‍යවරයා සිවිල් වැසියන්ගේ ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ අතර, ප්‍රජා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහය වීම පිණිස රජය සතු ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත නැවත පැවරීමේ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය සහ පවතින තත්ත්වය පිළිබඳව ද සමාලෝචනය කළේය.

මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා යුද හමුදාපති, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති, ප්‍රාදේශීය ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

Media Courtesy - www.defence.lk

Accessibility Tools