Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

විධිමත් මූල්‍ය භාවිතාව සම්බන්ධව නාවික හමුදා පුද්ගලයින් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක්

17 Jun 2026

නීති විරෝධි මුල්‍ය ව්‍යාපාර, තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම, මුල්‍ය වංචා ක්‍රම සහ විධිමත් මූල්‍ය ආයෝජන පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2026 ජුනි මස 15 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මාතර මහ බැංකු ප්‍රාදේශිය කාර්යාලයේ නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන්, ශ්‍රි ලංනානෞ නිපුණ ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විය.

ඒ අනුව, මුල්‍ය සාක්ෂරතාවය, තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සහ නීතිමය පසුබිම, නීති විරෝධී තැම්පතු භාර ගැනීම සහ අනවසර/ නීති විරෝධී මූල්‍ය ව්‍යාපාර, ඩිජිටල් ගෙවීම් සහ ඩිජිටල් වංචා යන කරුණු පිළිබදව නාවික පුද්ගලයින් දැනුවත් කිරීම සිදුකෙරුණු අතර, එමගින් නාවික හමුදා පුද්ගලයින්ගේ මූල්‍ය සාක්‍ෂරතාවය සහ මූල්‍ය සුරක්‍ෂිතභාවය වර්ධනය නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.

තවද, මෙම වැඩසටහන සඳහා දකුණු නාවික විධානයේ ආඥාපති ඇතුළු එම විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වූහ.

Accessibility Tools