Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

දකුණු නාවික විධානයේ අංක 02 දියත්මඟ ප්‍රතිසංස්කරණයෙන් පසු මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි

23 Jun 2026

සුනාමි ව්‍යසනය හේතුවෙන් අලාභහානියට පත් දකුණු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ අංක 02 දියත්මඟ ප්‍රතිසංස්කරණයෙන් පසු නැවත මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ගේ ප්‍රධානත්වයෙන්, 2026 ජුනි මස 19 වැනි දින සිදු කෙරිණි.

ඒ අනුව, අංක 02 දියත්මඟෙහි පීලි පද්ධතිය, යාත්‍රා ඔසවන උපකරණ, ව්‍යුහාත්මක කොටස් සහ අනෙකුත් මෙහෙයුම් පහසුකම් නවීකරණය කිරීම නාවික හමුදා නැව්බඳ ඉංජිනේරු කාර්මික, සිවිල් ඉංජිනේරු, විදුලි හා විද්‍යුත් සහ කිමිදුම් යන අංශයන්ගේ තාක්‍ෂණික, ශිල්පීය හා ශ්‍රම දායකත්වය ඇතිව සිදු කෙරුණු අතර, එමගින් නාවික හමුදා කුඩා යාත්‍රාවන්ගේ නඩත්තු කිරීමේ හැකියාව තවදුරටත් වැඩිදියුණු වන අතර, යාත්‍රාවන්ගේ සූදානම්භාවය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මගින් ජාතික සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට ද දායක වනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools