එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA (LCS 30)’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2026 ජුනි 12) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි Littoral Combat වර්ගයට අයත් ‘USS CANBERRA (LCS 30)’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් J MCLAUGHLIN කටයුතු කරනු ලබයි.
1 /
6