Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවෙයි

08 Sep 2026

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන, ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ, කර්නල් Adam Geoffrey McGuinness ගේ දූත ප්‍රධානත්වයෙන් සහ එම විද්‍යායතනයේ, ආරක්‍ෂක සේවා අණ හා උපායමාර්ගික අධ්‍යන පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක්, අද දින (2026 සැප්තැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදි කර්නල් Adam Geoffrey McGuinness ඇතුළු ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය. එහිදී සිදු කෙරුණු පුහුණු ක්‍ෂේත්‍රය හා සම්බන්ධ වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරකින් අනතුරුව, ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක සේවා අණ හා උපායමාර්ගික අධ්‍යන පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින්ගෙන් සමන්විත දූත පිරිස, නාවික හමුදාවේ කාර්යභාරය සහ ජලශාස්ත්‍රීය පහසුකම් පිළිබඳව නාවික හමුදා මූලස්ථානයේදී පැවති දේශනයක් සඳහා සහභාගි වූහ.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston ද සහභාගි වූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ඕස්ට්‍රේලියානු දූත ප්‍රධානී අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

Accessibility Tools