Sri Lanka Navy – Official Logo

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නොරොච්චෝලේදී නීතියේ රැහැනට

14 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව නොරොච්චෝලේ පනිඅඩිය ප්‍රදේශයේ 2026 අගෝස්තු මස 13 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ ලොරි රථයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, නොරොච්චෝල පොලීසිය හා එක්ව, නොරොච්චෝලේ පනිඅඩිය ප්‍රදේශයේ සිදු කරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුම අතරතුරදි, පුද්ගලයන් නොමැතිව නවතා තිබු ලොරි රථයක (01) අසුරා තිබූ සැකකටයුතු උර තිස් අටක් (38) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උරතුල අසුරා, නීති විරෝධී ලෙස රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ, බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් හාරසිය හැටහතරකට (1464) අධික තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදි.

Accessibility Tools