නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ ටොන් තුනකට අධික තොගයක් හලාවතදී නීතියේ රැහැනට
අද දින (2026 ජූලි 24) ශ්‍රී ලංකා නාවික හමුදාව, හලාවත කරුකපනේ වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද බීඩි කොළ තොගයක් සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනය වෙත ලද තොරතුරක් මත, හලාවත කරුකපනේ වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකල මෙම විශේෂ සොදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් (03) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එම යාත්‍රා තුල උර අසූවක (80) අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් තුන්දහස් එකසිය තිස් පහකට (3,135) ආසන්න තොගයක් සහ ඩිංගි යාත්‍රා මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරුණි. එමෙන්ම, මෙම බීඩි කොළ තොගය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ අතහැර දමා පලායන්නට ඇතැයි සැක කෙරේ.
තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා හලාවත සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.