නීති විරෝධී ලෙස ගබඩාකර තිබූ මත් පැන් බෝතල් 5,575 ක් සමඟ සැකකරුවෙකු මුලතිව්හිදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව 2026 ජූලි මස 14 වන දින මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ මත්පැන් බෝතල් තොගයක් සමඟ සැකකරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, මුලතිව් පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුමේදී, නීති විරොධි ලෙස ගබඩාකර තිබු මත්පැන් බෝතල් පන්දහස් පන්සිය හැත්තෑපහක (5,575) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන, මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇකි අතර, එම සැකකරු සහ නීති විරෝධි මත්පැන් බෝතල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.