Sri Lanka Navy – Official Logo

නීති විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය ඉලෙක්ට්‍රොනික දුම්වැටි සමඟ සැකකරුවෙක් නීතියේ රැහැනට

15 Jun 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ 2026 ජුනි මස 13 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල විදේශීය දුම්වැටි තිස් එකක් (31) සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයෙකු (01) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීතී විරෝධී ලෙස අළෙවි කිරීමට උත්සාහ කල ඉලෙක්ට්‍රොනික දුම්වැටි තිස් එකක් (31) සමඟ එම සැකකරු මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සහ ඉලෙක්ට්‍රොනික දුම්වැටි ඉදිරි නීතමය කටයුතු සඳහා ග්‍රෑන්ඩ් පාස් පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Accessibility Tools