Sri Lanka Navy – Official Logo

අයහපත් කාලගුණික තත්වය හමුවේ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදාව සීරුවෙන්

21 Sep 2026

ශ්‍රී ලංකාවට ඊශාන දෙසින්, බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන්, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් එකසිය හැත්තෑ එකක් (171) සූදානමින් තබා ඇති අතර, අද දින (2026 සැප්තැම්බර් 21) උදෑසන වන විට ආපදා සහන කණ්ඩායම් දහහතරක් (14) දකුණු සහ බටහිර නාවික විධානය මඟින් ස්ථානගත කර ඇත.

ඒ අනුව, දකුණු නාවික විධානය මඟින්; තවලම ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් (02), හිනිදුම ප්‍රදේශයේ කණ්ඩායම් එකක් (01), මාපලගම ප්‍රදේශ‍යේ කණ්ඩායම් එකක් (01) සහ නාගොඩ ප්‍රදේශයේ කණ්ඩායම් එකක් (01) වශයෙන් ආපදා සහන කණ්ඩායම් පහක් (05) ස්ථානගත කර ඇත. එමෙන්ම, බටහිර නාවික විධානය මඟින්; නාවලපිටිය ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් (02), යටියන්තොට ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් (02), සීතාවක ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් (02) සහ රත්නපුර ප්‍රදේශයේ කණ්ඩායම් තුනක් (03) වශයෙන් ආපදා සහන කණ්ඩායම් නවයක් (09) අවශ්‍යතාවය මත යෙදවීම සඳහා ස්ථානගත කර ඇත.

Accessibility Tools