Sri Lanka Navy – Official Logo
SPORT NEWS 2026

“Navy Commander’s Cup - 2026” ගොල්ෆ් තරගාවලිය ත්‍රිකුණාමලය සැන්ඩි බේ හීදී සාර්ථකව නිමාවට පත්වෙයි

23 Jun 2026

ශ්‍රී ලංකා නාවික හමුදා ගොල්ෆ් සංචිතය මගින් සංවිධානය කරන ලද “Navy Commander’s Cup -2026” ගොල්ෆ් තරගාවලිය 2026 ජුනි මස 21 වන දින ත්‍රිකුණාමලය, සැන්ඩි බේ ගොල්ෆ් පිටියේදි සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ඒ අනුව, සේවයේ නියුතු සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර ක්‍රීඩාශීලිත්වය පිළිබිඹු කරමින් සංවිධානය කරන ලද “Navy Commander’s Cup -2026” ගොල්ෆ් තරගාවලියේදී, Navy Commander’s Cup Winner, Gross Winner සහ Nett Winner කුසලාන කපිතාන් තුෂාර මහේෂ් විසින්ද, Nearest to the Pin කුසලානය කොමදෝරු මංජුල පියතිලක විසින්ද, Longest Drive කුසලානය ලුතිනන් කොමාණ්ඩර් හර්ෂ උඩවත්ත (විශ්‍රාමික) විසින්ද, Nett Runner-up කුසලානය කපිතාන් තුෂාර ජයවර්ධන විසින්ද, Gross Runner-up රියර් අද්මිරාල් ජගත් කුමාර විසින් ද, Novices කුසලානය කොමාණ්ඩර් රුවන් ජයතිලක විසින්ද දිනා ගන්නා ලදි.

තවද, විශ්‍රාමික කාණ්ඩයේ Nett Winner කුසලානය කපිතාන් ජයලත් පෙරේරා (විශ්‍රාමික) විසින්ද, Nett Runner-up කුසලානය කොමදෝරු කමල් බෝම්බුගලගේ (විශ්‍රාමික) විසින් ද, දිනා ගැනීමට සමත් විය.

Accessibility Tools