Sri Lanka Navy – Official Logo
SPORT NEWS 2026

නාවික හමුදාව ‘Puttalam Motor Rush Championship - 2026’ ධාවන තරගාවලියේ යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට සමත් වෙයි

11 Jun 2026

පුත්තලම මෝටර් රේසින් ක්ලබ් විසින් සංවිධානය කරන ලද ‘Puttalam Motor Rush Championship - 2026’ තරගාවලිය, දිවයිනේ ප්‍රභල අතිධාවනකාරී යතුරුපැදි ක්‍රීඩකයින්ගේ සහභාගත්වයෙන් 2026 ජුනි මස 07 වන දින පුත්තලම ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදා අති ධාවනකාරි යතුරුපැදි සංචිතයේ ක්‍රීඩකයින් සමත් විය.

යතුරු පැදි ඉසව් දහ නවයක් (19) යටතේ පැවති මෙම තරගාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් අටදෙනෙකු (08) සහභාගී විය. එහිදී, Standard 250cc තරගයේ තෙවන ස්ථානය නායක ශාරිරික අභ්‍යාසක ඊඒපීඑන් එදිරිසිංහ විසින්ද, Standard 125 cc Event II තරගයේ තෙවන ස්ථානය නායක ඉංජිනේරු කාර්මික කේඑච්සී ගුණවර්ධන විසින්ද, Standard 125 cc Event I තරගයේ සිව්වන ස්ථානය නායක ඉංජිනේරු කාර්මික කේඑච්සී ගුණවර්ධන විසින් Racing 250 cc තරගයේ පස් වන ස්ථානය සුළු නිලධාරී ඩීඑම්එස්එස් කුමාර විසින්ද, Standard 125 cc Event I තරගයේ පස්වන ස්ථානය නායක සූපවේදී එච්ඒකේ චාමර විසින්ද හිමි කර ගැනීමට සමත් විය.

එමෙන්ම, Super Mortard Race-03 Super තරගයේ තෙවන ස්ථානය සහ Mortard Race-02 තරගයේ සිව්වන ස්ථානය නායක ඉංජිනේරු කාර්මික එම්වීඩබ්පී කරුණාරත්න විසින් හිමි කර ගැනීමට සමත් විය.

Accessibility Tools