Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

இலங்கை தன்னார்வ கடற்படையின் வருடாந்த பயிற்சி முகாம் 2026 ஆரம்பமானது

01 Sep 2026

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2026 වාර්ෂික පුහුණු කඳවුරේ සාමාරම්භක අවස්ථාව අද දින (2026 අගෝස්තු 31) ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී කපිතාන් අනුර කරුණාරත්නගේ ආරාධනයෙන්, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති කොමදෝරු අරුණ විජේවර්ධනගේ ප්‍රධානත්වයෙන්, වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

ස්වේච්ඡා නාවික හමුදාවට අයත් නිලධාරීන් සහ නාවිකයන්ගේ වෘත්තීමය හැකියාවන් සහ දැනුම වර්ධනය කිරීම ‍උදෙසා වාර්ෂිකව පැවැත්වෙන මෙම පුහුණු කඳවුර සඳහා මෙවර (2026) නිලධාරීන් 39 ක් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 449 ක් ඇතුළුව, ස්වේච්ඡා නාවික හමුදා පුද්ගලයන් 488 දෙනෙකු සහභාගී වන අතර, මෙම පුහුණු කඳවුර 2026 සැප්තැම්බර් මස 17 වන දින දක්වා පැවැත්වේ.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් දිලංක චන්ද්‍රසේන ඇතුළු ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, වාර්ෂික පුහුණු කඳවුරට සහභාගී වන නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools