Sri Lanka Navy – Official Logo

சட்டவிரோதமான முறையில் நாட்டிற்கு கொண்டுவரப்பட்ட பீடி இலைத் தொகுதி நீர்கொழும்பில் வைத்து கைது

21 Jul 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජූලි මස 20 වන දින මීගමුව කුඩාපාඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ බීඩි කොළ තොගයක් සමග ට්‍රක් රථයක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, මීගමුව කුඩාපාඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ට්‍රක් රථයක් (01) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි, නීතී විරෝධී ලෙස රට තුළට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ, බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක්දහස් හාරසිය පනස් හයකට (1,456) අධික තොගයක් සමඟ ට්‍රක් රථය මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය සහ ට්‍රක් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools