Sri Lanka Navy – Official Logo

சட்டவிரோதமான முறையில் வசம் வைக்கப்பட்டிருந்த முக்குத்தூள் தொகுதியுடன் சந்தேகநபர் ஒருவர் சட்டத்தின் பிடியில்

20 Jul 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කල්මුනේ ප්‍රදේශයේ 2026 ජූලි මස 19 වැනි දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස සන්තකයේ තබාගත් මුක්කු තූල් නැමති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ගිණිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනය, කල්මුනේ පොලිසිය හා එක්ව, කල්මුනේ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු වෙළදසැලක් සහ නිවසක් පරීක්‍ෂාවට ලක් කෙරිණි, එහිදී, නීතී විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා සඟවා තිබූ මුක්කු තූල් නැමති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තිහකට (30) අධික තොගයක් සමඟ සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 61ක් වන කල්මුනේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති අතර, එම සැකකරු සමඟ මුක්කු තූල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්මුනේ පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Accessibility Tools