සියළු පුවත්

රියර් අද්මිරාල් ඩී විජේතුංග නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගනී

වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් ඩී විජේතුංග අද (2020 දෙසැම්බර් 31) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදි. ...

2020-12-31

නාවික හමුදාධිපතිතුමන් උතුරු මැද නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 දෙසැම්බර් 26 සහ 27 දෙදින උතුරු මැද නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වී විධානයේ මෙහෙයුම් සූදානම, සුභසාධන පහසුකම් සහ පරිපාලන කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කරන ලදි. ...

2020-12-28

නාවික හමුදාව විසින් ඉදි කළ 800 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය රුවන්වැලි මහසෑ පුද බිමේදී විවෘත කෙරේ

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් සහ නාවික සමාජ සුභසාදන අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් සිදු කළ තවත් සමාජ සත්කාරයක් ලෙස රුවන්වැලි මහසෑ පුද බිමේ අභිනවයෙන් ඉදි කරන ලද 800 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2020 දෙස...

2020-12-26

අපවත්වී වදාල අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කළ චෛත්‍ය බොදුනුවන්ගේ වන්දනාව පිණිස පූජා කෙරේ

අපවත්වී වදාල අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඥාණදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර අනුරාධපුරය මීගලෑව ඇත්දළගල ආරණ්‍ය සේනාසනයේ හී නාවික පුද්ගලයින්ගේ මුල්‍ය සහ ශ්‍රමදායකත්වයෙන් ඉදි කරන ලද චෛත්‍ය අද (2020 දෙසැම්බර් මස 26) න...

2020-12-26

නාවික හමුදාධිපතිතුමන්ගේ නත්තල් දින සුභ පැතුම් පණිවිඩය

ජේසු සමිඳානන්ගේ උපත සමරනු වස් උදා වූ නත්තල සතුට, සාමය පිරි ප්‍රීතිමත් එකක් වේවායි කිතුණු බැතිමත් ඔබට සහ සියලුම නාවික/සිවිල් පුද්ගලයන් හට ප්‍රාර්ථනා කරමි....

2020-12-25

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී ධාතු මන්දිර පූජාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් සිදු කරනු ලබන ආගමික වැඩසටහන් මාලා‍වේ තවත් එක් වැඩසටහනක් 2020 දෙසැම්බර් 24 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරස්තානයේ...

2020-12-25

ජ්‍යේෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා රු 500,000.00 සහ නායකනැවි තරාතිරමේ නාවිකයින් 30 දෙනෙකු සඳහා රු 200,000.00 බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 දෙසැම්බර් 24) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන...

2020-12-24

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රථම සැඟවුණු වෙඩික්කරු තරඟාවලිය ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රථම වරට සංවිධානය කරන ලද සැඟවුණු වෙඩික්කරුවන්ගේ වෙඩිතැබීමේ තරඟාවලිය (Naval Sniper Firing Competition) 2020 දෙසැම්බර් 14 වන දින සිට ත්‍රිකුණාමලය නාවික තටාකංගණ පරිශ්‍රයේදී පවත්වන ලද අතර, තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය නැගෙ...

2020-12-23

අනවසරයෙන් මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදුනු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතිකයින් 04 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 දෙසැම්බර් 20) උතුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙක් (04) සමඟ‍‍ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් (01) සහ ධීවර ආම්පන්න නාව...

2020-12-20

නාවික හමුදා සහයෙන් වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවකු නීතියේ රැහැනට

නාවික හමුදාව හා පොලීසිය එක්ව ගලේවෙල බුලනවැව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් 2020 දෙසැම්බර් මස 19 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුත...

2020-12-20

N95 මුඛ ආවරණ විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත භාර දෙයි

නාවික හමුදාවේ තාක්‍ෂණික දායකත්වයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද, භාවිතා කළ N95 මුඛ ආවරණ නැවත භාවිතා කිරීම සඳහා විෂබීජහරනය කිරීමේ යන්ත්‍රයක් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකය වෙත ලබාදීම 2020 දෙසැම්බර් මස 16 වන දින දකුණ...

2020-12-19

නාවික හමුදා තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉදි කළ තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

මාරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස් කරුවෙක් ලෙස සමාජ සත්කාර්යයක නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාව, එහි තවත් එක් පියවරක් ලෙස ඉදිකරන ලද 787 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය 2020 දෙසැම්බර...

2020-12-19

කේරළ ගංජා කිලෝ 39 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 14 ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි පසුගිය සති කිහිපය තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 39 ග්‍රෑම් 197 ක පමණ තොගයක් සමඟ සැ...

2020-12-16

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුනු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 36 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා පහක්...

2020-12-15

නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 නොවැම්බර් 12 වන දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් සහ ධීවර ආම්පන්න නීති...

2020-12-14