සියළු පුවත්
හෙරෝයින් ජාවාරම්කරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව පුත්තලම, අලංකුඩා ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී 2020 පෙබරවාරි 22 වන දින හෙරෝයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 110 (කොටස් 15) අත්අඩංගුවට ගන්නා ලදි....
2020-02-23
ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පවත්වනු ලැබූ පාඨමාලාව සාර්ථකව නිමා වෙයි
ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංවිධානයේ නියෝජිතයින් වෙනුවෙන් පවත්වනු ලැබූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාලාව 2020 පෙබරවාරි මස 21 වන දින සාර්ථකව නිමා වන ලදි....
2020-02-22
හෙරෝයින් ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 22) කල්මුනේ, පලමුනෙයි ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 750 (පැකට් 03) අත්අඩංගුවට ගන්නා ලදි....
2020-02-22
නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙයෙහුම් මගින් හෙරෝයින් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (02) අත් අඩංගුවට,
නාවික හමුදාව සහ මන්නාරම, මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය එක්ව තලෙයිමන්නාරම නගර සීමාව කේන්ද්‍ර කර ගනිමින් අද (2020 පෙබරවාරි 22) ක්‍රියාත්මක කල ඒකාබද්ධ මෙහෙයුම් මගින් හෙරෝයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගෙන ඇත....
2020-02-22
අන්තර් පාසල් මුහුදු පිහිනුම් තරගාවලිය සඳහා නාවික හමුදාවේ සහය
ගාල්ල මාදම්ප මධ්‍ය මහා විද්‍යාලයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද අන්තර් පාසල් මුහුදු පිහිනුම් තරගාවලිය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 පෙබරවාරි 21 වන දින සිය දායකත්වය ලබා දෙන ලදි....
2020-02-22
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දියානු නාවික හමුදාව හා එක්ව ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රීලංකා ගුවන් හමුදාව, ඉන්දියානු නාවික හමුදාවට අයත් ගුවන් යානාවක් මගින් හදිසි ආපදා තත්වයකදී අනතුරට පත්වන පුද්ගලයින් හා දිවි ගලවාගනු ලබන පුද්ගලයින් සොයා ගැනීම සහ මුදවා ගැනීම පිළබඳ ඒකාබද්ධ පුහුණු අ...
2020-02-22
මුහුදු කූඩැල්ලන් 2,450 ක් සමග සැකකරුවන් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් අද (2020 පෙබරවාරි 21) යාපනය, අල්ලයිප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු (07) නාවික හමුදා භාරයට ගෙන ඇත. ...
2020-02-21
ශ්‍රී ලංකා චීන තානාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක
ශ්‍රී ලංකා චීන තානාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් අද (2020 පෙබරවාරි 21) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී. ...
2020-02-21
කුරුණෑගල, ආරක්‍ෂක විද්‍යාලයේ පැවති ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වෙයි
කුරුණෑගල, ආරක්‍ෂක විද්‍යාලයේ 2020 පෙබරවාරි 20 වන දින පැවති ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා සහභාගී විය. එහිදී විදුහල්පතිතුමන්, ගුරු මණ්ඩලය හා දරුදැරියන් විසින් නාවි...
2020-02-21
සීදූව, අම්බලන්මුල්ල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය
සීදූව, අම්බලන්මුල්ල ප්‍රදේශයේ පිහිටි සීදූව නගර සභාව විසින් බැහැර කරන කසල අංගනයේ හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2020 පෙබරවාරි 20 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී....
2020-02-21
බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට
බලපත්‍ර නොමැතිව වැලි පටවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් (02) 2020 පෙබරවාරි 20 වන දින නාවික හමුදාව විසින් සිය භාරයට ගැනීමට කටයුතු කරන ලදි. ...
2020-02-21
ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’ (TAKANAMI) නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’(TAKANAMI) නෞකාව අද (2020 පෙබරවාරි 21) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. ...
2020-02-21
ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් මයිකල් ෆ්රික් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි
රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පැමිණි ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යයාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන, කර්නල් මයිකල් ෆ්රික් අද (2020 පෙබරවාරි 20) නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී....
2020-02-20
‘ටෙස්’ පුද්ගලික ආයතනය මගින් නාවික හමුදාව වෙත දියයට ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගත හැකි දුරස්ථපාලක ඩ්‍රෝන කැමරාවක් ප්‍රදානය කරයි
‘ටෙස්’ ආයතනය විසින් දියයට ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගත හැකි දුරස්ථපාලක ඩ්‍රෝන කැමරාවක් අද (2020 පෙබරවාරි 20) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත ප්‍රදානය කරන ලදි....
2020-02-20
කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 500 ක් අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය
නාවික හමුදාව සහ සුරාබදු ඒකකය එක්ව 2020 පෙබරවාරි 19 වන දින යාපනය, මරදන්කේනි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත....
2020-02-20


