වැදගත් සිදුවීම්
නාවික හමුදා දායකත්වයෙන් අනුරාධපුර රන්පත්විල මහ විදුහලෙහි ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රන්පත්විල මහ විදුහලෙහි ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2024 දෙසැම්බර් මස 20 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි
20 Dec 2024
නාවික තාක්ෂණික ආයතනයේ පුහුණුව සම්පුර්ණ කළ ශිල්පීය අංශයේ නාවිකයන් 45 දෙනෙක් විසිර යති

වැලිසර, නාවික තාක්ෂණික ආයතනයේ 21 වන තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් හතලිස් පස් දෙනෙකු (45) විසිරයාම අද (2024 දෙසැම්බර් 20) වැලිසර පිහිටි නාවික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී සිදු කෙරිණි. නාවික තාක්ෂණික ආයතනයේ වැඩ බලන පුහුණු අධ්‍යක්‍ෂ කොමාණ්ඩර් (ඉංජිනේරු) ආර්එස් ද සොයිසා ගේ ආරාධනයෙන්, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී සහභාගී විය.
20 Dec 2024
උතුරු විධාන නාවික රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 18 වැනි දින උතුරු විධාන නාවික රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
19 Dec 2024
ඉලක්කයට පිහිය විසිකිරීමේ ක්‍රීඩාව නාවික හමුදාව වෙත හඳුන්වාදීමේ වැඩසටහනක්

ඉලක්කයට පිහිය විසි කිරීමේ ක්‍රීඩාව ප්‍රථම වරට නාවික හමුදා ක්‍රීඩා අංශයට හඳුන්වාදීමේ තෙදින වැඩ මුළුවක් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සහභාගීත්වයෙන් 2024 දෙසැම්බර් මස 12 වැනි දින වැලිසර නාවික සංකීර්ණයේදී සාර්ථකව පැවැත්විණි.
19 Dec 2024
ගුවන් හමුදා මුදාගැනීමේ පාඨමාලා සඳහා නාවික හමුදාවේ සහාය

මීගමුව බ්‍රවුන්ස් බීච් ප්‍රදේශයේදී 2024 දෙසැම්බර් 18 වැනි දින ශ්‍රී ලංනා ගුවන් හමුදාව මඟින් සිදු කරන ලද ගුවන් මුහුදු මුදාගැනීමේ පාඨමාලාවන් සාර්ථකව නිමකිරීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාදීම සිදු කෙරිණි.
19 Dec 2024
ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති රටදැය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය ගැන සොයා බලයි

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මව්බිමේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය පිළිබද සොයාබැලීම සඳහා වන සාකච්ඡාවක් අද (දෙසැ 11) නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.
19 Dec 2024
74 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් උතුරු මැද විධාන නාවික රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක්

නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 17 වැනි දින උතුරු මැද විධාන නාවික රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
19 Dec 2024
නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් එම විධානයේ පුළුල් කළ මෙහෙයුම් හා සුභසාධන පහසුකම් විවෘත කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා 2024 දෙසැම්බර් මස 15 වැනි දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරතවී, එම විධානයේ මෙහෙයුම් හා සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයේ, තාවුල්පාඩු නාවික අනුඛණ්ඩයේ අභිනවයෙන් ස්ථාපනය කළ වෙරළබඩ මුර යාත්‍රා අළුත්වැඩියා අංගනය, නාවික අනුඛණ්ඩ ඔලුතුඩායි හි පරිපාලන ගොඩනැගිල්ල හා පොදු භෝජනාගාර පහසුකම් සහිත දෙමහල් කණිෂ්ඨ නාවික නිවාස සංකීර්ණය සහ ශ්‍රී ලංකා නාවික නෞකා පුස්සදේව ආයතනයේ අභිනවයෙන් ඉදිකළ කණිෂ්ඨ නාවික විවාහක නිවාස විවෘත කිරීම සිදුකෙරිණි.
16 Dec 2024
යාපනය ඩෙල්ෆ්ට් මහා විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාරයක් සහ ඩ්‍රැගන් බෝට්ටු පුහුණු සැසියක් සංවිධානය කරයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, 08 වැනි කැනෝ ස්ප්‍රින්ට් ජාතික ශූරතාවලියේ පාසැල් අංශයේ ඩ්‍රැගන් බෝට්ටු තරඟාවලියේ ජයග්‍රහණ හිමිකර ගත් ඩේල්ෆ්ට් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 30 දෙනෙකු වෙනුවෙන්, 2024 දෙසැම්බර් මස 13 සහ 14 දෙදින කොළඹ ප්‍රදේශයේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාරයක් සහ ඩ්‍රැගන් බෝට්ටු පුහුණු සැසියක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.
15 Dec 2024
නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 08 ක් ජනතා අයිතියට

ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සහ නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් නිපදවන ලද ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු යන්ත්‍ර 31 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන 31 ක ස්ථාපනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ, තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහකණුමුල්ල ප්‍රජා ශාලා භූමියේ, කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 231 නැගෙනහිර ග්‍රාමයේ සහ මොරගහවෙල කටුකැලියාව ග්‍රාමයේ යන ස්ථානයන්හි ස්ථාපනය කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) ජනතා අයිතියට පත් කිරීම, 2024 දෙසැම්බර් මස 12 වැනි දින සිදු කෙරිණි.
14 Dec 2024