Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

ආකර්ෂණීය උතුරු වෙරළ තීරයක් වෙනුවෙන් අකණ්ඩ නාවික හමුදාව දායකත්වය

16 Aug 2026

'ක්ලීන් ශ්‍රී ලංකා' ජාතික වැඩසටහනට සමඟාමීව, උතුරු පළාතේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමඳව දිනාගත් වෙරළ තීර පිරිසිදුව හා අලංකාරවත්ව පවත්වාගැනීම වෙනුවෙන් නාවික හමුදාව කැපවී සිටින අතර, ඒ යටතේ යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ 'කසුරිනා' වෙරළ තීරය සහ කන්කසන්තුරය ප්‍රදීපාගාරය ආශ්‍රිත වෙරළ තීරය පිරිසිදු කර අලංකාරවත්ව පවත්වාගැනීම වෙනුවෙන්, උතුරු නාවික විධානය විසින් සංවිධානය කල වෙරළ පවිත්‍රතා වැඩසටහනක් 2026 අගෝස්තු මස 14 සහ 15 දෙදින සාර්ථකව පැවැත්විණි.

'ක්ලීන් ශ්‍රී ලංකා' ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව; පාරිසරික, සමාජීය සහ සදාචාරාත්මක වශයෙන් ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවෙන් ස්ථාපිත ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රමුඛ පාර්ශ්වකරුවකු ලෙස, එම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නැංවෙන වැඩසටහන් සඳහා සහ 'පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්' යන තේමාව යථාර්තයක් කරගැනීම වෙනුවෙන් දිවයින වටා වූ වෙරළ තීරය ආකර්ෂණීය වෙරළ තීරයක් බවට පරිවර්තනය කිරීමේ පුරවැසි බලගැන්වීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දෙනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්ෂණයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා 'එළාර' සහ 'උත්තර' ආයතන විසින් සංවිධානය කල මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් මඟින්, එම වෙරළ තීර වෙත නොසැලකිලිමත් ලෙස බැහැර කර තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක්රැස් කර, එම වෙරළ තීර වෙතින් ක්‍රමවත්ව ඉවත් කිරීම මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන මඟින් සිදුකෙරුණු අතර, පිරිසිදු වෙරළ තීරයක් අනාගත පරපුර වෙත දායාද කරදීම සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ පුවරු ස්ථාපනය කිරීමද එහිදී සිදුකෙරිණි.

Accessibility Tools