Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

‘Commandant’s Cup Sailing Regatta - 2026’ තරඟාවලියට සමගාමීව පාසල් සිසුන් වෙනුවෙන් රුවල් ඔරු හැසිරවීම පිළිබඳ පුහුණු වැඩසටහනක්

16 Aug 2026

‘Commandant’s Cup Sailing Regatta - 2026’ තරඟාවලියට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමය (Yachting Association of Sri Lanka - YASL) හා එක්ව පාසල් සිසුන් වෙනුවෙන් සංවිධානය කළ රුවල් ඔරු හැසිරවීම පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් 2026 අගෝස්තු 14 සහ 15 දෙදින තුල ත්‍රීකුණාමලය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී සාර්ථකව පවත්වන ලදි.

ඒ අනුව, මෙම පුහුණු වැඩසටහන සඳහා ත්‍රීකුණාමලය තිස්ස මහා විද්‍යාලය, සිංහල මහා විද්‍යාලය, ශාන්ත මරියා විද්‍යාලය, ශාන්ත ජෝසප් විද්‍යාලය, සහිරා විද්‍යාලය සහ ශ්‍රී කෝනේශ්වර විද්‍යාලය යන පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් තිස් තුන් දෙනෙකු (33) සහභාගී වූ අතර, මෙවැනි පුහුණු වැඩසටහන් මඟින් ක්‍රීඩාව තුළින් ශක්තිමත් අනාගත පරපුරක් බිහි කිරීම මෙන්ම දිවයිනේ පාසල් දරු දැරියන් අතර රුවල් ඔරු ක්‍රීඩාව ප්‍රචලිත කිරීම නාවික හමුදාව අපේක්ෂා කරයි.

Accessibility Tools