Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතිය යටතේ කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩ සටහනක්

21 Jul 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘතියට සමඟාමීව, කඩොලාන පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ලංකාපටුන උල්ලක්කේනි වෙරළ තීර‍ය ආශ්‍රිතව 2026 ජූලි මස 18 වැනි දින සිදු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනය මගින් කඩොලාන පැල සියයක් (100) රෝපණය කිරීම ලංකාපටුන උල්ලක්කේනි වෙරළ තීර‍ය ආශ්‍රිතව සිදු කෙරුණු අතර, එම වෙරළ තීරය සංරක්‍ෂණය හා ඛාදනය වැළැක්වීම අරමුණු කරගනිමින් සිදුකළ මෙම කඩොලාන පැළ රෝපණය කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී විය.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීමේ, ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රමුඛ පාර්ශ්වකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, පරිසර හිතකාමී වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නංවනු ලබන අතර, මෙවැනි වැඩසටහන් මඟින්, සමුද්‍රීය පරිසර පද්ධතියේ තිරසාරත්වය අනාගත පරපුර වෙනුවෙන් තවදුරටත් රැකදීම, නාවික හමුදාව අපේක්ෂා කරනු ලබයි.

Accessibility Tools