Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

කතරගම පාද යාත්‍රා බැතිමතුන්හට නාවික හමුදාවෙන් පානීය ජල පහසුකම්

11 Jul 2026

රුහුණු මහා කතරගම දේවාලය වන්දනාමාන කිරීම සඳහා උතුරු සහ නැගෙනහිර පළාත්වල සිට වාර්ෂිකව පාද යාත්‍රාවේ නිරත වන බැතිමතුන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සැපයීමේ විශේෂ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දකුණු නාවික විධානය විසින් 2026 ජූලි 10 වන දින ආරම්භ කරන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දුගේ උපදෙස් මත, දකුණු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධනගේ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ, කුඹුක්කන් ඔයේ සිට කතරගම දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා පිරිසිදු පානීය ජලය අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.

තවද, 2026 ජූලි මස 10 වන දින සිට ජූලි මස 24 වන දින දක්වා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරෙන මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන මඟින්, සාම්ප්‍රදායිකව සිදුකෙරෙන කතරගම පාද යාත්‍රාවට සහභාගිවන බැතිමතුන් වෙත පිරිසිදු පානීය ජල පහසුකම් සැපයීම අපේක්‍ෂා කෙරේ.

Accessibility Tools