Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

ලෝක පරිසර දිනයට සමගාමීව නාවික හමුදාවෙන් දීපව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන් මාලාවක්

10 Jun 2026

2026 ජුනි මස 05 වන දිනට යෙදී තිබූ ලෝක පරිසර දින ‘Urgent Climate Action’ යන ගෝලීය තේමාවට සමගාමීව ‘දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු’ යන දේශීය තේමාව සාක්‍ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළුම විධානයන් ආවරණය වන පරිදි පරිසරහිතකාමී වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරිණි.

මෙම වැඩසටහන් මාලාව යටතේ දිවයිනේ වෙරළ, කලපු සහ ගොඩබිම් ප්‍රදේශ තුල, එම පරිසර පද්ධතීන්ට උචිත පැල රෝපණය කිරීම සහ සමුද්‍රීය පරිසරය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන් නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත, විධාන ආඥාපතිවරුන්ගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක කෙරිණි.

තවද, ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීමේ, ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රමුඛ පාර්ශවකරුවෙකු වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නංවනු ලබන අතර, මෙම විශේෂ රුක් රෝපණ වැඩසටහන මඟින්, මෙරට ‘නීල-හරිත’ සමුද්‍රීය පරිසරයක් උදෙසා සාගර සම්පත් ආරක්‍ෂා කිරීම, වෙරළ පරිසරය සංරක්‍ෂණය කිරීම සහ පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැපවීම තහවුරු කරනු ලබයි.

Accessibility Tools