Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

නාවික හමුදාව විසින් ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂක (ISPS) අභ්‍යාසයක් කන්කසන්තුරේ වරායේදී සාර්ථකව පවත්වයි

15 Jun 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්‍ෂක අභ්‍යාසයක් 2026 ජූනි 09 වන දින කන්කසන්තුරේ වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විය.

මෙම අභ්‍යාසය තුලදී නීතිවිරෝධී ලෙස වරාය පරිශ්‍රයට අනවසර පුද්ගලයින්ගේ පැමිණීම වැළැක්වීම, ගිනි අනතුරු පාලනය කිරීම, රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික උපද්‍රව හඳුනා ගැනීම සහ ඒ සඳහා ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීම පිළිබඳව න්‍යායික දේශනයන් මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සිදුකෙරිණි.

තවද, උතුරු විධාන ගිනි නිවීමේ ඒකකය, රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික ඒකකය (CBRN), නාවික හමුදා සුනඛ සංචිතය, බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අංශයන්හී සහභාගීත්වයෙන් සිදුකළ මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා පොලිසිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, රේගු අධිකාරිය සහ වරාය අධිකාරිය නියෝජනය කරමින් පිරිසක්ද ක්‍රියාකාරීව සහභාගි විය.

Accessibility Tools