රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ (NACWC) අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා රියර් අද්මිරාල් හසන්ත දසනායක පත් කෙරේ
රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ (NACWC) අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා රියර් අද්මිරාල් හසන්ත දසනායක පත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කරන ලද මෙම පත්වීම 2026 ජූනි 26 දින සිට ක්‍රියාත්මක වේ.
නව අධ්‍යක්‍ෂවරයා සිය පත්වීම් ලිපිය ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) වෙතින් ලබාගත්තේය.
අධ්‍යක්‍ෂ ධූරයේ වගකීම් භාරගත් රියර් අද්මිරාල් හසන්ත දසනායක විසින්, රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය (OPCW) සහ රසායනික අවි සම්මුතිය (CWC) වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබා දී ඇති ජාත්‍යන්තර එකඟතා මැනවින් ඉටු කිරීමට අධිකාරිය සතු කැපවීම යළිත් තහවුරු කරන ලදී. තවද, රසායනික ද්‍රව්‍ය යහපත් අරමුණු සඳහා භාවිත කිරීමේදී ජාතික මට්ටමේ ක්‍රියාකාරිත්වය, නියාමන අධීක්‍ෂණය සහ ජාත්‍යන්තර සහයෝගීතාව වඩාත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද, මෙහිදී අවධාරණය කෙරිණි.
මාධ්‍ය අනුග්‍රහය - www.defence.lk