ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස්, අතිගරු Masood Imad මහතා නිල හමුවක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු විය.
මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපති වශයෙන් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ භාරගැනීම වෙනුවෙන්, නාවික හමුදාධිපති වෙත ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් විසින් සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, සමුද්‍රිය ආරක්‍ෂාව වෙනුවෙන් දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්විණි.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Hassan Amir ද එම නිල හමුව සඳහා සහභාගි විය.