Intermediate boxing tournament - 2026 තරගාවලියේදී නාවික හමුදා බොක්සිං කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වයි
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද Intermediate boxing tournament - 2026 බොක්සිං තරඟාවලිය, දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ බොක්සිං ක්‍රීඩාගාරයේ, 2026 ජුලි මස 15 සිට 19 වන දින දක්වා පැවති අතර, එම තරඟාවලියේ පදක්කම් රැසක් නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය.
ඒ අනුව, දිවයිනේ ප්‍රකට බොක්සිං සංචිත විසිහතක් (27) නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, නාවික හමුදාව නියෝජනය කරමින් පිරිමි බර පන්ති දහයක් (10) සහ කාන්තා බර පන්ති හතක් (07) යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිස්පස් දෙනෙකු (35) සහභාගි විය. එහිදී, කිලෝග්‍රෑම් 90ට වැඩි බර පන්තිය යටතේ බල නැවි බිඑච්ඩිසී ද සිල්වා, කිලෝග්‍රෑම් 70ට අඩු බර පන්තිය යටතේ, සාමන්‍ය නැවි (කාන්තා) ඊකේටී ආරියවංශ, කිලෝග්‍රෑම් 80ට වැඩි බර පන්තිය යටතේ සාමාන්‍ය නැවි (කාන්තා) කේඒඅයිඩී නතාසි සහ කිලෝග්‍රෑම් 51ට අඩු බර පන්තිය යටතේ ආදුනික නැවි (කාන්තා) බීඑම්ආර්එල් දේශප්‍රිය විසින් ද එහිදී රන් පදක්කම් හතරක් (04) දිනා ගැනීමට සමත් විය.
තරඟාවලියේ කිලෝග්‍රෑම් 70ට අඩු බර පන්තිය යටතේ නායක නාවික පාබල පීඑම්එම් දීප්තිවර්ධන, කිලෝග්‍රෑම් 75ට අඩු බර පන්තිය යටතේ නායක විනයාරක්‍ෂක එච්එම්එස්පී ආරියරත්න, කිලෝග්‍රෑම් 65ට අඩු බර පන්තිය යටතේ සාමාන්‍ය නැවි (කාන්තා) එස්ඩී හීනටිගල සහ කිලෝග්‍රෑම් 57ට අඩු බර පන්තිය යටතේ සාමාන්‍ය නැවි (කාන්තා) පීඒකේඑන් කුමාරි විසින්ද රීදී පදක්කම් හතරක් (04) දිනාගන්නා ලදි.
එමෙන්ම, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් කිලෝග්‍රෑම් 90ට වැඩි බර පන්තිය යටතේ ලුතිනන් එල්එස්ආර් ද සිල්වා, කිලෝග්‍රෑම් 90ට අඩු බර පන්තිය යටතේ නායක විදුලි කාර්මික එම්එම්ඩී කුමාර, කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තිය යටතේ බල නැවි එච්එන්කේ විශ්වනාත්, කිලෝග්‍රෑම් 60ට අඩු බර පන්තිය යටතේ සාමාන්‍ය නැවි (කාන්තා) ඩීජීඩිඩිඑස් ආරියරත්න සහ කිලෝග්‍රෑම් 60ට අඩු බර පන්තිය යටතේ ආදුනික නැවි එම්එම්බීඑන් මාපා විසින්ද ලොකඩ පදක්කම් පහක් (05) දිනා ගන්නා ලදි.
තවද, තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ආචාර්ය අනුරුද්ධ ශානක බණ්ඩාර මහතා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු ඉන්දික එදිරිසිංහ සහ නාවික හමුදා බොක්සිං සංචිතයේ සභාපති කොමදෝරු අර්ජුන පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ත්‍රිවිද හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි වූහ.