Sri Lanka Navy – Official Logo
SPORT NEWS 2026

බේස්බෝල් ජාතික පිරිමි ද්විත්ව පිළිමලුන් පිටු දැකීමේ තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාවට

20 Jul 2026

එක්සත් ජනපද 250 වන නිදහස් සැමරුමට සමගාමීව, එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය හා එක්ව සංවිධානය කළ, බේස්බෝල් ජාතික පිරිමි ද්විත්ව පිළිමලුන් පිටු දැකීමේ තරඟාවලියේ, අවසන් තරඟය 2026 ජූලි මස 19 වැනි දින දියගම, ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහිදී නාවික හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනූව, ත්‍රිවිධ හමුදාව ඇතුළුව දිවයිනේ ප්‍රකට බේස්බෝල් කණ්ඩායම් රැසකගේ සහභාගීත්වයෙන්, 2026 මාර්තු මස 28 වන දින සිට ආරම්භ කරන ලද, මෙම බේස්බෝල් ජාතික පිරිමි ද්විත්ව පිළිමලුන් පිටු දැකීමේ තරඟාවලියේදී, කණ්ඩායම් විසි එකක් (21) අභිබවමින්, අපරාජිතව නාවික හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සමත් විය. එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ පැවති අවසන් මහා තරඟයෙන් ලකුණු 14 – 11 ක් වශයෙන් ලබා ගනිමින් මෙලෙස එහි ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම සමත් විය.

තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා සහ දක්‍ෂතම පන්දුවට පහර දෙන්නා ලෙස නාවික හමුදා ක්‍රීඩක බල නැවි අයිබීටීඑම් වික්‍රමසිංහ විසින් කුසලාන දිනාගත් අතර, තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය නාවික හමුදා ක්‍රීඩක සාමාන්‍ය නැවි ඒඑස්එම් ගුණවර්ධන විසින් දිනා ගැනීමට සමත් විය.

තවද, මෙම කුසලාන ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාල මණ්ඩල සාමාජික Lee Ann Ross මහත්මිය, නාවික හමුදා අධ්‍යක්ෂ ක්‍රීඩා කොමදෝරු ඉන්දික එදිරිසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ යුද්ධ සහ නාවික හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි වූහ.

Accessibility Tools